gossiplanka alexa විශ්‍රාම යන අය නැවත සේවයට බඳවා ගන්නවා ද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විශ්‍රාම යන අය නැවත සේවයට බඳවා ගන්නවා ද ?

නිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස 65 දක්වා වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත වීමත් සමඟම නොවැම්බර් මස 12 වැනිදා සිට විශ්‍රාම ගොස් හෝ විශ්‍රාම යාමට නියමිත නිලධාරින් සම්බන්ධයෙන් ගැටළුවක් මතුව තිබෙනවා. 

එලෙස විශ්‍රාම ගිය නිලධාරීන් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. ඒ අනුව අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස 65 දක්වා වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දින සිට ලබන ජනවාරි පළමු වැනිදා දක්වා කාලසීමාවේ විශ්‍රාම ගොස් හෝ විශ්‍රාම යාමට නියමිත නිලධාරීන් නැවත සේවයේ පිහි‍ටුවන්නේ නම් අනිවාර්යයෙන්ම ඒ සඳහා ආයතන ප්‍රධානියාගේ අනුමැතිය අවශ්‍යවන බව ලේකම්වරයා පවසනවා. 

අදාළ යෝජනාව ක්‍රියාත්මක වන්නේ ජනවාරි 01 වනදා සිට නමුත් ඉහත සඳහන් කල නිලධාරීන් සඳහා සහනයක් ලබා දිය යුතු බව විශ්‍රාම වැ‍ටුප් දෙපාර්තමේන්තුව දන්වා තිබෙනවා. එම නිලධාරීන් සේවයේ පිහි‍ටුවන්නේද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බවයි ලේකම්වරයා වැඩි දුරටත් පවසා ඇත්තේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu