gossiplanka alexa ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මතු වූ සුනාමියට වසර 17යි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මතු වූ සුනාමියට වසර 17යි

සුනාමි ව්‍යසනය සිදු වී වසර 17 ක් සපිරෙන අද දින සුනාමියෙන් මියගිය සහ අතුරුදන් වූ පුද්ගලයින් සිහිපත් කරමින් "ජාතික සුරක්ෂිත දිනය -2021" අද දින සමරනු ලැබුවා. 

2004 දෙසැම්බර් 26 දින සිදු වූ සුනාමි ව්‍යසනයෙන් පුද්ගලයින් 35,000කට ආසන්න පිරිසක් මියගිය අතර තවත් 5000ක පමණ පිරිසක් අතුරුදන් වී තිබුණා. 

2004 වසරේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ පිහිටි මුහුදේ හටගත් ගැඹුරු භූකම්පනයක් හේතුවෙන් ඇති වූ සුනාමි තත්ත්වයෙන් ශ්‍රීලංකාව ඇතුළු ඉන්දියානු මුහුදු තීරයේ පිහිටි රටවල් රැසක් දැඩි බලපෑමට ලක්වුණා. එම භූකම්පනයේ ප්‍රභලත්වය රිච්ටර් මාපකයේ ඒකක 9.0 ක් ලෙස සටහන් වී තිබුණා. මෙම ව්‍යසනය හේතුවෙන් ලොව වටා 227,000 ට වැඩි පිරිසක් මරණයට පත් වුණා. භු කම්පනයේ ප්‍රතිඵලයක් ලෙස නැගුනු උදම් රළ පහර ශ්‍රී ලංකා වෙරළ තීරයට කඩාවැදුනේ පැයට කිලෝමීටර් 800 ක වේගයකින්. එය මිනිත්තු කිහිපයක් තුළ මෙරට ජීවිත තිස් පන්දහසකට අධික සංඛ්‍යාවක් බිලිගත්තේ රුපියල් කෝටි ගණනක දේපලද විනාශ කර දමමින්. 

2021 සුනාමි අනුස්මරණ ප්‍රධාන උත්සවය අද ගාල්ල "පැ‍රැඑලිය සුනාමි ස්මාරකය" අභියස දී රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය මෙන්ම ප්‍රජාවගේ ද සහභාගීත්වයෙන් අද පැවැත්වුණා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu