gossiplanka alexa පකිස්තාන ජාතිකයාට ඉහළම සම්මානයක්, ආරක්ෂක ඇමතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පකිස්තාන ජාතිකයාට ඉහළම සම්මානයක්, ආරක්ෂක ඇමතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ශ්‍රී ලාංකික ජාතිකයෙකු වූ ප්‍රියන්ත කුමාර මහතාට පකිස්තානයේ පුද්ගලයින් පිරිසක් එල්ල කල මැර ප්‍රහාරයේ දී ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඉදිරිපත් වූ පකිස්තාන ජාතිකයෙකුට එරට දෙවන ඉහළම සම්මානය පිරිනැමීමට පකිස්තාන් රජය තීරණය කර තිබෙනවා. 

මලික් ආද්නන් නැමති මෙම පුද්ගලයාට Tamgha i Shujaat සම්මානය පිරිනැමීමට තීරණය කර ඇති බවයි පකිස්තාන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සඳහන් කරන්නේ. 

මේ අතර පකිස්තාන් ආරක්ෂක ඇමති ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සාධාරණීකරනයට ලක් කිරීමට කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීයෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ තරුණ ළමයින් කරන එවැනි දේවල් නරක යැයි පැවසිය නොහැකි බවයි. පාකිස්තාන් ඩේලි වෙබ් අඩවියේ සංස්කාරකවරයා වන හම්සා අසාර් සලාම් ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් මේ පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. 

hgamza azar twitter notice


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu