gossiplanka alexa පාසැල් දරුවන් බිළිගනිමින් කින්නියා කළපුවේ පෙරළීගිය පාලම් පාරුව, වරද කාගේද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාසැල් දරුවන් බිළිගනිමින් කින්නියා කළපුවේ පෙරළීගිය පාලම් පාරුව, වරද කාගේද ?

ත්‍රිකුණාමලය කින්නියා කුරුඤ්ක්ඤන්කේන් කළපුවේ පාලම් පාරුවක් ඊයේ උදෑසන පෙරළී යෑමෙන් එහි ගමන් ගත් දරුවන් සිව් දෙනෙකු ඇතුළු හය දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. තවත් විසි දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට හැකිවී තිබෙන අතර ඉන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වනවා. 

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 3,6,8  වයස් සීමාවල දරුවන් සිව් දෙනෙක්, 70 හැවිරිදි පුද්ගලයෙක් සහ තිස් හැවිරිදි කාන්තාවක්. මෙම තිස් හැවිරිදි කාන්තාව මියගිය දරුවන් දෙදෙනෙකුගේ නව බව පොලීසිය සඳහන් කරනවා. 

අනතුරට පත්වන අවස්ථාවේ දී පාලම් පාරුවේ තිස් දෙනෙකුට ආසන්න පිරිසක් සිටි බවයි ආරංචි මාර්ග පවසන්නේ. පාලමේ සිදුවන අළුත්වැඩියා කටයුතු හේතුවෙන් කලපුව හරහා පුද්ගලයින් ප්‍රවාහනයට පාලම් පාරු යොදා තිබෙනවා. බැරල් සහ ලී යොදා සාදා තිබූ අනතුරට පත් පාලම් පාරුව කේබල් ආධාරයෙන් ගමන් කර ඇති අතර කේබලයක් හදිසියේ කැඩීයාම හේතුවෙන් පාලම් පාරුව පෙරළී යන්නට ඇතැයි පොලීසිය සැක පලකරනවා.  එසේම දරාගත නොහැකි පිරිසක් පාරුවට ගොඩවීම ද මෙයට හේතුවී ඇති බවයි පැවසෙන්නේ. 

සිද්ධිය වූ වහාම නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ජීවිත බේරා ගැනීමට කටයුතු කර ඇති අතර අතුරුදන්ව ඇති පුද්ගලයින් සොයා විශේෂ නාවික හමුදා මෙහෙයුමක්ද දියත් කරනු ලැබුවා. 

අනතුරත් සමඟම කින්නියා හා ඒ අවට ප්‍රදේශවාසීන් පාලම කඩිනමින් පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින් විරෝධතා ව්‍යාපාරයක් ද පැවැත්වූවා. 

මේ අතර මෙම අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් රජයේ පාර්ශවයන්ට චෝදනා කිරීමට විපක්ෂ නායකවරයා කටයුතු කිරීම කිසිසේත්ම අනුමත නොකරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසනවා. 

මෙම කලපුව හරාහා මගී ප්‍රවාහනය සඳහා පාරුවක් භාවිතා කිරීමට අවසර දී ඇත්තේ සමඟි ජන බලවේගයට සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සහාය දක්වන කින්නියා නගර සභාව විසින් බව අමාත්‍යවරයා පවසනවා. 

"මෙම අවාසනාවන්ත සිදුවීමෙන් වූ ජීවිත හානි සිදුවීම පිළිබඳව රජයේ බලවත් කණගා‍ටුව ප්‍රකාශ කරනවා. ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරනවා. අදාළ පාරුව යෙදීමේ දී මාර්ග සංවර්ධන අධිකාරියට සම්බන්ධයක් නැහැ. 

දීර්ඝ කාලයක් තිස්සේ එම කලපුව හරහා පාලමක් ඉදිකිරීමට නොහැකි වූ අතර ඒ සඳහා යහපාලන රජය සමයේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ. අපේ රජය විසින් එම ජනතාව පත්ව තිබෙන පීඩාවට විසඳුමක් ලෙස පාලමේ ඉදිකිරීම් ආරම්භ කළා. එය කඩිනමින් ඉදිකිරීමට කටයුතු කරනවා. 

අනාරක්ෂිත ලෙස මෙම පාරුව භාවිතා කිරීමට කින්නියා නගර සභාව අවසර ලබාදීම නිසා මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවුණා. නිවැරදි ප්‍රමිතීන්ට අනුව මාර්ග සංවර්ධන අධිකාරියෙන් කලපුව හරහා මගී ප්‍රවාහන ක්‍රමවේදයක් සැලසීමට ඉදිරියේ දී කටයුතු කරනවා" නිමල් ලාන්සා අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වා තිබෙනවා. 

Kinniya lagoon accident

Kinniya lagoon accident

Kinniya lagoon accident

Kinniya lagoon accident

Kinniya lagoon accident

Kinniya lagoon accident

Kinniya lagoon accident



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu