gossiplanka alexa ''උඹේ පැටිස් එක කාගෙන උඹ හිටපං ! අපි ඒක බලාගන්නම් !'' - ජෛව බුබුළ කැඩූ ක්‍රීඩකයින්ගේ පොර ටෝක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''උඹේ පැටිස් එක කාගෙන උඹ හිටපං ! අපි ඒක බලාගන්නම් !'' - ජෛව බුබුළ කැඩූ ක්‍රීඩකයින්ගේ පොර ටෝක්

kusal danushka dickwella disciplineර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අන්තයටම ඇඳ වැටීමට හේතුව බවට පත්ව ඇත්තේ ක්‍රීඩක විනයයි. ක්‍රීඩකයින් ක්‍රීඩකයින් පිත්තෙන්, පන්දුවෙන් පිටිය තුළ දී දැක්විය යුතු දස්කම් පිටියෙන් පිටත දැක්වීමට යාම මීට ප්‍රධාන හේතුවක් වී ඇති අතර බලධාරීන් විනය කඩ කල ක්‍රීඩකයින්ට නිසි විනය ක්‍රියා මාර්ග නොගැනීම ද ශ්‍රී ලංකා ක්‍රිකට් වල පල්ලටම යාමට හේතුවක් වී තිබෙනවා. 

ක්‍රීඩකයින්ගේ මෙම විනය විරෝධී හැසිරීම්වලට ඔවුන්ගේ පෞද්ගලික කළමනාකරුවන් දැඩි ලෙස බලපා ඇති බව දක්නට ලැබෙනවා. ඔවුන් වැඩි අවධානයක් යොමු කරන්නේ ක්‍රීඩකයාගේ චරිත වර්ධනයට නොව ඔවුන් විකුණා තම 20% ලබා ගැනීම පිළිබඳවයි. 

මේ හේතුව නිසාම ක්‍රීඩා ඇමතිවරයා සහ ක්‍රිකට් පරිපාලකයින් ද මෙම පෞද්ගලික කළමනාකරුවන් පිළිබඳව නියාමනයක් සකස් කිරීම අත්‍යාවශය කටයුත්තක්. 

කෙසේ වෙතත් නොබෝදා එංගලන්ත සංචාරයේ නිරතව සිටිය දී රාත්‍රී වීදි සංචාරයේ යෙදුණු ක්‍රීඩකයින් තිදෙනෙක් වහාම දිවයිනට ගෙන්වා ගැනීමට ක්‍රිකට් පාලකයින් පියවර ගත්තා. නමුත් ඔවුන්ට ලබා දෙන විනය දඬුවම් පිළිබඳව පැහැදිලි නිගමනයක් තවමත් දක්නට නැහැ. 

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක එංගලන්ත සංචාරයේ යෙදී සිටිය දී රාත්‍රී ඇඳිරි නීතිය හා ජෛව බුබුළ කඩමින් රාත්‍රියේ හෝටලයෙන් ඉවතට පැමිණ තිබුණා. ඔවුන් එසේ හෝටලයෙන් ඉවතට යාමට සැරසෙද්දී තවත්  ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ඔවුන්ට එසේ නොයන ලෙස අවවාද කර තිබෙනවා. 

එවිට මෙම ක්‍රීඩකයින් එම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයාට ''උඹේ පැටිස් එක කාගෙන උඹ හිටපං ! අපි ඒක බලාගන්නම් !'' යැයි පවසා ඇති බවයි සඳහන් වන්නේ.  

ආශ්‍රිත : 'මවුබිම'


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu