gossiplanka alexa අදත් ප්‍රදේශ රැසකට වැසි, "යාස්" සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අදත් ප්‍රදේශ රැසකට වැසි, "යාස්" සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

showers-in-many-areas-today-too
සාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘යාස්’ චණ්ඩ සුළි කුණාටුවක් වීමේ සහ නිරිත දිග මෝසම් තත්වයේ බලපෑමෙන් අද (26) දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සහ සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. සබරගමුව පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

උතුරු-මැද පළාතේසහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවේ. දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මි. (50-60) දක්වා වැඩි විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu