gossiplanka alexa ශ්‍රී ලංකාවේ ප්‍රථම DIGවරිය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සටනක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවේ ප්‍රථම DIGවරිය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සටනක

පොලිස් රෙගුලාසිවලට අනුව කිසිදු පොලිස් නිලධාරිනියකට නියෝජ්‍ය පොලිස්පතිවරියක ලෙස උසස්විය නොහැකි බව පවසමින් නියෝජ්‍ය පොලිස්පති ලෙස උසස්වීම ලද බිම්ෂානි ජාසිංහආරච්චි මහත්මියගේ උසස්වීම බලරහිත කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 32ක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා. 
 
ඒ හේතුවෙන් බිම්ෂානි ජාසිංහ ආරච්චි මහත්මියගේ වෘත්තීය සුරක්ෂිතතාව වෙනුවෙන් පක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය පෙනී සීටීමට තීරණය කර තිබෙනවා. ඇය වෙනුවෙන් සාධාරණය ඉ‍ටුවන තෙක් සටන් කරන බව එම සංසදයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරිය අවධාරණය කර සිටිනවා. 

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරිය, රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, සමඟි ජන බලවේගයේ මන්ත්‍රිනී රෝහිණී විජේරත්න පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂානි රෝහණධීර යන මහත්මීන් ද ඇතුළුව ඊයේ එම සංසදය පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මේ පිළිබඳව පවසා තිබෙනවා. 

දේශපාලන පක්ෂ භේදයකින් තොරව කාන්තා නිලධාරිනියක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය පෙනී සිටින ප්‍රථම අවස්ථාව මෙය වනවා.

මේ අතර කාන්තාවක් නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිටීම ශ්‍රී ලංකා පොලීසියට මහත් ආඩම්බරයක් බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා.

ඇයගේ උසස්වීම බලරහිත කරන ලෙස ඉල්ලමින් ඉදිරිපත්කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳ කරුණු විමසීමකදි අමාත්‍යවරයා පවසා ඇත්තේ තමා එවන් තත්ත්වයක් ගැන පෞද්ගලිකව කණගා‍ටුවන බවයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu