gossiplanka alexa මහර බන්ධනාගාරයේ මියගිය 9කට කොරෝනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහර බන්ධනාගාරයේ මියගිය 9කට කොරෝනා

හර බන්ධනාගාරයේ ‍රැඳවියන් ඇති කළ නොසන්සුන්තාවය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 11 දෙනෙක් මිය ගොස් ඇති බවත් 117 දෙනෙකු තුවාල ලබා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. 

තුවාල ලැබූවන් අතර දෙදෙනෙක් බන්ධනාගාර නිලධාරීන් වනවා. රාගම රෝහලේ ‍රැඳවියන් 80ක් සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් මේ වන විට ප්‍රතිකාර ලබන අතර ‍රැඳවියන් 24 දෙනෙකු ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව කොළඹ බන්ධනාගාරය වෙත යොමු කර තිබෙනවා. එක් ‍රැඳවියෙ කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව සඳහන්.

මියගිය ‍රැඳවියන් 11 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමේ දී හෙළි වී ඇත්තේ ඉන් 09දෙනෙකුටම නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

කෙසේ වෙතත් මේ වන විට මහර බන්ධනාගරය ඇතුලත නිදැල්ලේ සිටින ‍රැඳවියන් සියළු දෙනාම ඔවුන්ගේ සිර මැදිරි සහ වාට්‍ටු තුළට ඇතුළත් කර ඇති ඇති බව සඳහන්. ඒ සඳහා විශේෂ කාර්ය බලකාය, පොලිසිය සහ බන්ධනාගාර නිලධාරින් 600ක ගේ කණ්ඩායමක් යෙදවූ බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu