gossiplanka alexa බ්‍රිතාන්‍යයෙන් සොයා ගත් කොරෝනා වෛරස් නව ප්‍රභේදය ආසියාවටත්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බ්‍රිතාන්‍යයෙන් සොයා ගත් කොරෝනා වෛරස් නව ප්‍රභේදය ආසියාවටත්

බ්‍රිතාන්‍යයෙන් අනාවරණය කර ගත් නව කොරෝනා වෛරස් ප්‍රභේදය වන ආසාදිත පුද්ගලයෙක් ආසියාතික රටකින් ද වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

එසේ එම ආසාදිතයා සොයාගෙන ඇත්තේ සිංගප්පූරුවෙන්. පසුගිය නොවැම්බර් 17 සිට දෙසැම්බර් 17 දක්වා බ්‍රිතාන්‍යයෙන් පැමිණ වාර්තා වූ කොවිඩ් වෛරස ආසාදිතයින් 31 දෙනාගෙන් එක් අයෙකුට මෙම නව වෛරස් ප්‍රභේදය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. මෙම රෝගියා 2020 අගෝස්තු මස සිට එක්සත් රාජධානියේ ඉගෙනුම ලබන 17 හැවිරිදි තරුණියක් වන අතර ඇය සිංගප්පූරුවට පැමිණ ඇත්තේ පසුගිය දෙසැම්බර් 08 වනදායි.

මේ අතර තවත් 11 දෙනෙකුට මෙම වෛරසය මූලික වශයෙන් ආසාදනය වී ඇති බවත් ඔවුන්ද වැඩි දුර පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවත් සඳහන් වනවා.

නව වෛරස් ප්‍රභේදය ආසාදිත තරුණිය නිරෝධායනය වෙමින් සිට ඇති බැවින් ඇයගෙන් වෛරසය සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් නැති බවයි සිංගප්පූරු බලධාරීන් පවසා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu