gossiplanka alexa රට වටෙන් කොරෝනා රෝගීන් හමුවූ ප්‍රදේශ - ඔබත් අවධානයෙන් සිටින්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රට වටෙන් කොරෝනා රෝගීන් හමුවූ ප්‍රදේශ - ඔබත් අවධානයෙන් සිටින්න

කොරෝනා වෛරසය ආසාදනය වී ඇත් බවට හඳුනාගත් බලපිටිය අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි කොළඹ නැව් තටාකාංගනයේ සේවකයාගේ පවුලේ තිදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. 

එම ප්වුලේ 9 දෙකෙඋ පී.සී.ආර් පරීක්ෂාවට යොමුකර තිබුණා. එසේම කොළඹ අනෙව් තටාකාංගනයේ වෛරස ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනය වන විට 31 දක්වා ඉහළ ගොස් තිබුණා.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට ද කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. ඔහු දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ගත වූ පැය 24 තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගීන් 77 දෙනෙකු හමු වී ඇති අතර එයින් 44 දෙනෙකුම ක‍ටුනායක නිදහස් වෙළඳකලාප සේවකයින්. එසේම ක‍ටුනායක සීදුව මහජන සෞඛ්‍ය කොට්ඨාශය තුළ රෝගීන් 23 දෙනෙකු වාර්තා වී තිබුණා.

ගම්පොල, මිල්ලගහමුල ගොත‍ටුවල ප්‍රදේශයෙන් ඊයේ (21) දින තවත් කොරෝනා රෝගීන් තුන් දෙනෙකු හමුවීමත් සමඟම එම ප්‍රදේශයේ රෝගීන් ගණන පහ දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ගොත‍ටුව ග්‍රාමසේවක වසම සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ගම්පහ, මෙම ගම්මානයේ පුද්ගලයින් දෙදෙනෙකු වේයන්ගොඩ එළුවාපිටිය ප්‍රදේශයේ පන්සලක පෙදරේරු සේවාව සිදු කරමින් සිටියදී එම පන්සලේ හිමිවරුන් සිවුනමකට වෛරසය ආසාදනය වී ඇති බව දැනගත් විගස ආපසු තම ප්‍රදේශයට පැමිණ තොරතුරු සඟවාගෙන තිබෙනවා. පසුව සිදුකල ව්මර්ශන වලදී මොවුන් දෙදෙනා ආසාදිතයින් ලෙස හඳුනගෙන ඇති බව සඳහන්.

කහතුඩුව හයිඩ්‍රාමනී ඇගළුම් කර්මාන්තශාලාවේ තවත් සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. ඔහු තලගල පදිංචිකරුවෙක්. ඔහුගේ පවුලේ සාමාජිකයින් 05ක් සහ ඔහුඅ එසුරු කල පවුල් 04ක පුද්ගලයින් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

වලලාවිට සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිත වරාය සේවකයෙන්, බැංකු සේවිකාවක් හා තවත් එක් අයෙක් හමුවී තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පිරිස 37 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පොලිස් සැරයන්වරයෙකුට සහ කාන්තා පොලිස් සැරයන්වරියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා.  මොවුන් දෙදෙනා කොළඹ කො‍ටුව පොලිස් ස්ථානයේ බස්නාහිර පළාත් විශේෂ විමර්ශන විමර්ශන ඒකකයේ සේවයේ නිරත වූවන්.

හේවාහැට රතුකුරුස ගම්මානයෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවී ඇතැයි මතුරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා. ඔහු නිට්ටඹුව ප්‍රදේශයේ ඇගළුම් කම්හලක සේවය කරන පුද්ගලයෙක්. ඔහු රිකිල්ලගස්කඩ නගරයේ වෙළඳසැල් කිහිපයකටම ගොස් ඇතැයි වාර්තාවනවා.

බේරුවල ප්‍රාදේශීය සභාව මඟින් පාලනය කරන අලුත්ගම, පයාගල, හල්කඳවිල සතිපොළ සියල්ලම දින නියමයක් නොමැතිව වසා දැමීමට බේරුවල ප්‍රාදේශීය සභාව තීරණය කර තිබෙනවා.

රද්දොළුගම නිවාස සංකීර්ණයේ ඒ 4බී, 9 බී හා 11 බී යන කලාප තුළින් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. රද්දොළුගම කොපෝස්ට් අංගනයේ සේවය කළ අයෙකුට ද කොරෝනා ආසාදිත බව වාර්තාවනවා. ඒ අනුව රද්දොළුගම කැලිකසල ඉවත් කිරීමේ කටයුතු ද තාවකාලිකව නවතා දමා තිබෙනවා.

කළුතර පදිංචිකරුවන් දෙදෙනෙකු සහ නාගොඩ පදිංචිකරුවෙක්ට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව වාර්තාවනවා. මෙම තිදෙනාම මතුගමින් රෝගියෙකු වාර්තා වූ බස් රථයේ ගමන් කල අයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu