gossiplanka alexa හෙටක් අවැසි උන් වෙනුවෙන් රටක් අවදිකරන රූකාන්ත

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හෙටක් අවැසි උන් වෙනුවෙන් රටක් අවදිකරන රූකාන්ත

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ නවමු මාවතක් විවර කරමින් ඔහුටම අනන්‍ය වූ සංගීත චාරිකාවක නිරත වෙමින් රූකාන්ත ගුණතිලකයන් ලාංකීය පොප් සංගීතයේ සන් නාමයක් බවට පත්විය.

දශක ගණනාවක් සංගීත ක්ෂේත්‍රයට කැපවෙමින් සිය හැකියාවන්ගෙන් රසික හදවත් මෝහනය කරමින් ඔහු දේශයේ ජන හදවත් තුළ ලැඟුම් ගෙන සිටින බව නොරහසකි.

කලාකරුවකු වශයෙන් රටේ පවතින සමාජ දේශපාලන ආර්ථික ස්වභාවයන් පිළිබඳ මනා අවබෝධයකින් පසුවන ඔහු මැදිහත් විය යුතු හෝරාවන්හී නොබියව ඉදිරිපත් වූ බව අප හොඳින් දන්නා සත්‍යයකි. ජරා ජීර්ණ දේශපාලනයේ අධම දිශානතිය යහමගකට හැරවීමේ  උත්සහයේදී ඔහු අපමණ අසාධාරණකම් වලට සහ මර්ධනයට ලක්වීය. 

ඔහු මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන් පවා පීඩාවට පත්කරමින් මැර දේශපාලන සංස්කෘතිය අවි ඔසවද්දීද හෙතෙම තම පරමාදර්ශි දේශපාලනයක හීනය වෙනුවෙන් සටන් වැදීම අත්හළේ නැත. ඔහුගේ ක්‍රියාකාරි දේශපාලන ආගමනයට පන්නරය වැටෙනුයේ එම සමාජ යථාර්තය මතුපිටින්ය.

දඹදෙණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධයක ධුරයට රූකාන්ත ගුණතිලකයන් පත් කෙරෙනුයේ ඔහුගේ අවංක උත්සහය සහ කැපවීම පිළිබඳ පක්ෂ නායකයන් මෙන්ම  ප්‍රදේශවාසින් සතුව පවතින අපරිමිත විශ්වාසය පදනම් කර ගනිමිනි. එම විශ්වාසය තහවුරු කරමින් ඔහු ආසනයේ ජනතා උන්නතිය වෙනුවෙන් විසල් මෙහෙවරක් සිදු කර තිබේ.

දඹදෙණි ආසනයේ ග්‍රාමීය මාර්ග සංවර්ධනයට කෝටි 30 පමණ මුදලක් වෙන්කරවා ගනිමින් ආසනයේ මාර්ග පද්ධතිය මනා ලෙස සකස් කිරීමට ඔහුගේ නායකත්වය නොමද පිටිවහලක් විය.

දඹදෙණි ආසනයේ රෝහල් පද්ධතිය නගා සිටුවීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ ඔහු නාරම්මල, අලව්ව රෝහල් සහ දිසා රෝහලක්ව පැවති දඹදෙණි රෝහලට ඇතුලු රෝහල් වලට ගිලන් රථ තුනක් ජනතා අවශ්‍යතාවයන් හදුනාගත් සැබෑ දේශපාලකයකු වශයෙන් ඔහු ජනතා මුදල් නිසි තැන්හී යොදවමින් තම ආසනයේ ජනතා සුබ සාධනයට විශාල මෙහෙයක් ඉටු කර තිබේ.

ආසනයේ පාසල් වලට අවශ්‍ය ගොඩනැගිලි ඉදිකිරීමට සහ යටිතල පහසුකම් පුළුල් කිරීම කෙරෙහි මැදිහත් වෙමින් ආසනයේ පාසල් 52 ක් පමණ නගා සිටුවීමට ඔහුගේ නායකත්වයට හැකි වීම සුවිශේෂිය. ආසනය තුළ දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම ඔහුගේ ඒකායන අභිප්‍රායක්ව වන්නේය. ශ්‍රී ලංකාව වැනි රටක අනාගතය පවතිනුයේ උගත් පරපුරක් හෙටට දයාදකිරීම තුළ බව මැනවින් වටහාගත් නායකයෙක් ලෙස රුකාන්තයන් හැඳින්විය හැක්කේ එබැවිනි.

ආසනය තුළ පුර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථන නිසි ප්‍රමිතිකරණයකට ලක් කර දරුවන්ගේ මූලික අධ්‍යාපනය විධිමත් කිරීම මෙන්ම දරුවන්ගේ සෞඛ්‍ය,මව්වරුන්ගේ නිරෝගීතාවය වර්ධනය කිරීම සඳහා නිසි වෑඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ඔහු බලාපොරොත්තු වේ.

තරුණයන්ගේ ආකල්ප වර්ධනය කර තාරුණ්‍යයේ ජවය රටේ සුබසාධනය උදෙසා යොදා ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින්, ජාතික තරුණ සේවා සභාව මගින් ක්‍රියාත්මක කරන යොවුන් සේනාංකයක් දඹදෙණි ආසනයේ පිහිටුවා ගැනීමට රූකාන්ත ගුණතිලක කැප වී ක්‍රියා කළේය.මේ වන විට එය ඉදිවෙමින් පවතී.නිසි නායකත්වයක් මග පෙන්වීමක් නොමැතිව අයාලේ යන ලාංකීය තාරුණ්‍යය විවිධ අපරාධ අපචාරයන්ට ගොදුරු වීම වැළැක්වීමට ඔහුගේ දූර්දර්ශි නායකත්වයේ මැදිහත්වීමයි.

ප්‍රදේශයේ ආගමික සිද්ධස්ථානයන් හි අවශ්‍යතාවයන් පිළිබඳ නිරන්තරව අවධානය යොමුකරමින් ඒවා ඉටුකර දීම ඔහු නොපිරිහෙලා සිදු කර තිබේ. ප්‍රදේශයේ විහාරස්ථාන 20 කට රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දෙමින් ඒවා නඟා සිටුවීම එහි එක් පියවරකි. ප්‍රදේශයේ දහම් පාසල් සංවර්ධනයටට විශාල මෙහෙවරක් ඔහු විසින් සිදු කර තිබේ.

දඹදෙණි ආසනය තුළ පවතින වැඩිහිටි හා ස්වේච්ඡා සංවිධාන නිසි ප්‍රමිතින්ට හා නියාමනයන්ට ලක් කරමින් ඒවා හරහා ජනතාවට ලැබෙන සහන වැඩි දියුණු කිරීමට ඔහු දායක වීමට බලාපොරොත්තු වී ඇත.වැඩිහිටියන්ගේ කායික හා මානසික තත්ත්වයන් ඉහළ නැංවීමට කෙරෙහි අවධානය යොමු කරමින් ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට ඔහු සමත්වී තිබීම වැදගත්ය.  එම සංවිධාන වල කටයුතු සඳහා ‘‘රූ මනුසත් පවුර‘‘ හරහා බස් රථයක් ලබාදෙමින් යම් සුබසාධන ක්‍රමයක යටතේ ලබා දීමට එතුමා අදහස් කරයි

නාරම්මල යූ.බී විජේකෝන් ක්‍රීඩාංගනය ජාතික මට්ටමේ ක්‍රීඩාංගනයක් බවට සංවර්ධනය කර ක්‍රීඩකයන්ට අවශ්‍ය කරන පහසුකම් ස්ථාපනය කිරීම  ඔහුගෙ අනාගත සිහිනයකි. එමඟින් අවට දිස්ත්‍රික්කයන් වන අනුරාධපුර,කෑගල්ල,මහනුවර,පුත්තල්ම ආදී දිස්ත්‍රික්කයන්හි තරුණ තරණියන්ට ඔවුන්ගේ දක්ශතා ඔප්නංවා ගැනීමට මහඟු ශක්තියක් වනු ඇත.

අලව්ව ප්‍රදේශයේ පවුල් 15,000 කටාපෙවති පානීය ජල ප්‍රශ්නයට විසඳුමක් සපයමින් ඔවුන්ට පානීය ජල පහසුකම් සපයාදීමේ ව්‍යාපෘතියක් දියත් කිරීම මොහු විසින් සිදු කල තවත් අගනා කාර්යයකි. එම වැඩපිළිවෙල මේ වන විට අවසන් අදියරේ පවතී. 

දඹදෙණි ආසනයේ සංවිධායක ලෙස පත්වී සුළු කාලය තුළ ආසනයේ අභිවෘද්ධිය සඳහා කෝටි 70 ක පමණ සංවර්ධනයක් ඉටු කර තිබේ. රූකනාන්තයන් ඔහුගේ සියලු නිදහස ජීවතය කැප කොට  ජනතා වරමක් අපේක්ෂා කරනුයේ තම ජනතා සේවයේ ඉම් තව තවත් පුළුල් කරගැනීම උදෙසාය. දේශපාලනයෙන් මඬි තරකරගැනීමට ඔහුට අවශ්‍ය නැත. දිනෙන් දින මව්බිම අගාධයට ගෙනයන දූෂිත දේශපාලනයට තිත තබා සැබෑ නායකයකු ලෙස ජනතා සේවයට කැපවීම ඔහුගේ අභිප්‍රාය වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu