gossiplanka alexa උපදේශකවරයා සහභාගී වූ අවමංගල උත්සවයට පැමිණි තවත් අයට කොරෝනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උපදේශකවරයා සහභාගී වූ අවමංගල උත්සවයට පැමිණි තවත් අයට කොරෝනා

https://www.gossiplanka.com/2020/07/rajanganaya-another-corona.html
න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස සේවය කරන පුද්ගලයෙකු කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වීමත් සමඟම ඔහු ආ ගිය තැන් වල සිටි පුද්ගලයින් පිළිබඳ තොරතුරු සොයබැලුනා. ඒ අනුව ඔහු සහභාගී වූ අවමංගල සහ දානමය කටයුත්තකට පැමිණි සිටි පිරිස් ගැන අවධානය යොමු වුණා.

ඔහු ඇසුර කළ පුද්ගලයින් 150කට ආසන්න පිරිසක් පීසීආර් පරික්ෂණ සඳහා යොමු වුණේ ඉන්පසුවයි. එයින් 79 දෙනෙකුම රාජාංගණය ප්‍රදේශයේ පදිංචිකරුවන්. මේ වන විට එම පරීක්ෂණ වාර්තා ලැබී තිබෙන අතර එහිදී තහවුරු වී ඇත්තේ එම පුද්ගලයින්ගෙන් කාන්තාවන් තිදෙනෙකුට සහ තවත් කුඩා දරුවෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

ඔවුන්ට මෙම වෛරසය ආසාදනය වී ඇත්තේ වෛරසය ආසාදිත උපදේශකවරයා සහභාගී වූ අවමංගල්‍ය උත්සවය සහ දානමය පුණ්‍යකර්මයේදී බවයි අනුරාධපුර ප‍්‍රාදේශීය වසංගත රෝගවේද වෛද්‍ය තේජන සෝමතිලක මහතා පවසනවා.

ඔහු වැඩි දුරටත් පවසන්නේ මෙම අවමංගල උඋත්සවයට සහ දානමය පුණ්‍යකර්මයට 600කට වැඩි පිරිසක් සහභාගී වී ඇති බවයි.

මේ වන විට රාජාංගණය ප්‍රදේශයේ සංචරණ සීමා පනවා ඇති බවත් ඉදිරියේ දී ලැබීමට නියමිත පීසීආර් පරීක්ෂණ මත මෙම සීමා දැඩි කිරීමට සිදුවනු ඇත් බවත් තේජන සෝමතිලක මහතා වැඩි දුරටත් කියා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu