gossiplanka alexa පොළොන්නරුව ලංකාපුර ප්‍රදේශයේ සංචරණ සීමා පැනවේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොළොන්නරුව ලංකාපුර ප්‍රදේශයේ සංචරණ සීමා පැනවේ

පො
ළොන්නරුව ලංකාපුර ප්‍රාදේශිය බල ප්‍රදේශය තුළ සංචරණ සීමා පනවා තිබෙනවා. ඒ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව ඇති වූ කොරෝනා පොකුර හේතුවෙන්.

මේ වන විට ලංකාපුර ප්‍රදේශයෙන් ආසාදිතයින් 20 දෙනෙකු සොයාගෙන තිබෙනවා. එසේම පුද්ගලයින් 900 ක පිරිසක් ගෘහස්ථ නිරෝධායනයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ආසාදිතයින් විසි දෙනාගෙන් 15දෙනෙකු නිරෝධන මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබමින් සිටි අය වන අතර අනෙක් පස් දෙනා නිවාසවල නිරෝධායනයට යොමු කල අයයි.

අත්‍යාවශ්‍ය කරුණකට හැර ගබන් බිමන් සීමා කරන ලෙස ලංකාපුර ප්‍රදේශවාසීන්ගෙන් සෞඛ්‍ය නිලධාරීන් ඉල්ලා සිටිනවා. එසේම මුඛ ආවරණ පැළඳීම සහ අත් සේදිම වැනි දේ සිදු කර තම තමන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන ලෙස ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu