gossiplanka alexa අවබෝධයෙන් රටට මඟ කියන තැනට බුද්ධිමත් කාන්තා නියෝජනය - අජන්තා පෙරේරා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අවබෝධයෙන් රටට මඟ කියන තැනට බුද්ධිමත් කාන්තා නියෝජනය - අජන්තා පෙරේරා

''ම මේ රට පාලනය කරන්නට බලාපොරොත්තු වන්නේ අම්මා කෙනෙක් ගෙදරක් පාලනය කරනවා වගේ...''. ඇය පසුගිය ජනාධිපතිවරණයට  ඉදිරිපත් වෙමින් සඳහන් කළා.චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිනියගෙන් පසු  එනම් වසර විස්සකට පසු ශ්‍රිලංකාවේ ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් වූ එකම කාන්තා නියෝජනය ලෙස ඇය එදා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා.

ඇය අවුරුදු 18 කට වැඩි කාලයක් විදේශගතව ජීවත් වුවද , ඇගේ හදවතේ මවු බිම කෙරේ ඇත්තේ විශාල ලෙන්ගතුකමකි. තමා උගත් දෙයින්  විදේශයක රැකියාව කරමින් අසීමිත සැප සම්පත් විඳින්නට හැකියාව තිබුණද ඇය ලංකාවට පැමිණ ලංකාවේ බොහෝ ගැටලු වලට විසඳුම් සොයන්නට කටයුතු කළා ය. ලංකාවට විශාල ගැටළුවක්ව පවතින කසළ ගැටළුවට ඇය උපරිම විසඳුම් සෙවීමට උත්සුක විය. 90 දශකයේදි ලංකාවේ කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීම පිළිබඳ ඇය විශාල පෙරළියක් ඇති කළා ය.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහාද දේශන පැවැත්වීය. ප්‍රතිචක්‍රීකරණය යන වචනය පවා අපේ  ව්‍යවහාරයට එක්වන්නේ ඈ නිසාවෙනි. කුණු වළින් රටට  මුදල් උපයන්න හැකියාව ලැබෙන්නේ කෙසේද යන්න පිළිබඳ ඇයට මනා  අවබෝධයක් ඇති නිසාම ඇය බෝහෝ යෝජනා  සිදුකරමින් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලින්ට මඟ පාදා ඇත. එපමණක් නොව, කුණු කඳු ගොඩ ගසමින් බොහෝ මිනිසුන්ට නිදහසේ ජීවත් වීමේ අයිතිය නැති කරන අවස්ථා වල ඇය ජනතාව වෙනුවෙන් හඬ නැගු තැනැත්තියකි.

මීපේ කුණුකන්ද, බ්ලූමැන්ඩල්  කුණු කන්ද වැනි කුණු කඳු තව දුරටත් එක් රැස් වීම නවතාලන්නට හැකියාව ලැබුණේද ඇගේ මැදිහත්වීමෙනි. කසළ හේතුවෙන් පීඩාවට පත්වන ජනතාවට සාධාරණයක් වෙනුවෙන් ඇය තවම හඬනගයි. පරිසරයට හානිදායක ලෙස අනවසර ඉඳිකීරීම්, පහත්බිම් ගොඩකිරීම්, ජලයට කසළ මුහුවීම  වැනි කාරණා සම්බන්ධවවද ඇය ඉදිරිපත්ව ඇත.  මේ හේතු සලකා බලද්දි මේ ඡන්දය ලබා දෙන්නේ කාන්තාවකට පමණක් නොව මේ සුන්දර පරිසරය වෙනුවෙන්ම බව ඔබට පසක් වනු ඇත.

එපමණක්ම  නොව , ඇය ධීවර අමාත්‍යංශයේ නිවාස අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරන කාලයේදි   එම ජනතාව  වෙනුවෙන් ''විසිරි නිවාස  '' ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළාය. එය 10000 පමණ වූ ධීවර ප්‍රජාවකට විශාල අස්වැසිල්ලක් විය.

පරිසර වේදිනියක් ලෙස , පරිසරයට ඇති ඇල්ම නිසාම ඇය ලංකාවේ ගහට කොළටද ආදරය කළ තැනැත්තියකි. තම ඕනෑ එපාකම් වෙනුවෙන් මහා වනාන්තර එළි පෙහෙළි කරමින් සල්ලි බවට පත් කරගන්නට දඟලන, තමන්ගේ පටු දේශපාලන අරමුණු  වෙනුවෙන් පරිසරය වනසන බොහෝ දේශපාලුවන්ට ඇය අතුල් පහරක් වනවා නියතය. ලංකාව කාන්තාරිකරණයෙන් මුදා ගැනීමට ඇය අසිපතක්  වනවා නියතය.

විටෙක ඔබ ප්‍රශ්න කරන්නේ , පාර්ලිමේන්තුවේ ඉන්නා  අයට මොනවාද ඇති සුදුසුකම් කියාය. නමුත් ඒ අඩු සුදුසුකම් ඇති ඔවුන් පාර්ලිමේන්තුවට තෝරා යැවුවේද ඔබය. කෙනෙක් තමන්ගේ අඩුපාඩුකමක් කෙදිනක හෝ අවබෝධයෙන් පිළිවෙල කරගැනීම වටිනා කාරණාවක්. පාර්ලිමේන්තුවටද තේරීපත්ව වසර ගණනාවකට පසුව රැල්ලට උසස්පෙළ  විභාගය කරන අයවලුන් පාර්ලිමේන්තුවේ සිටිත්නම් මේ රට ගැන ඔවුන් ගන්න තීන්දූ තීරණ කුමන ඵලක් ගෙනේද යන්න ඔබට මට වැටහෙන කාරණාවකි. පාර්ලිමේන්තුව යනු ජීවිතය අත්හදා බලන තැනක් නොව , අවබෝධයෙන් රටට  මඟ කියන තැනයි . එසේනම් උගත් බුද්ධිමත් අය පාර්ලිමේන්තුවට යවන්නට වගකීම ඇත්තේ  ඔබ අතයි .

ඇයට බලාපොරොත්තුවක් ඇත. ඇය සිහිනයක සිටී. ඒ ඈ වෙනුවෙන් නොව මේ මුළුමහත් ජනතාවම වෙනුවෙනි. ඇය මීට වසර ගණනාවකට පෙර කොළඹ කසළ ව්‍යාපෘතිවළ වැඩ කරමින් ආරම්භ කළ වැඩපිළිවෙල නැවත ආරම්භ කරන්නට, සහ එය සාර්ථකව අවසන් කරන්නට අනාගත පරිසර ඇමතිනිය වීම ඇගේ සිහිනයයි. රට වෙනුවෙන් ඒ සිහිනයට පණ දිය හැක්කේ ඔබටයි.

එබැවින් එඩිතර , නොපසුබට උත්සහයක් ඇති ඇයට පාර්ලිමේන්තුවට යාමට ජනවරමක් ලබා දීම ඔබ මෙවර ගතයුතු හොඳම සහ  වටිනාම තීරණයකී. එය ඔබේ  දුවා දරුවන් වෙනුවෙන් , ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් ද කරනා හොඳම සහ , වටිනාම ආයෝජනයක් යන්න අමතක නොකළ යුතුයි.

අපට ඕන අපට රටට ආදරය කරන නියෝජිතයන්. එය ඔබේ  බුද්ධියෙන් විමසිය යුතු කාරණාවක්.  මෙවර කාන්තා   නියෝජනට  වටිනාකමක්  දෙමු. එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් අංක 1 ට ලබා දෙන ඔබේ මනාපයෙන් කතිරයට අගයක් දෙමු.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu