gossiplanka alexa අධිවේගී මාර්ගයේ යනවිට විඩාව, නිදිමත දැණුනොත් ක්‍රියා කළ යුතු ආකාරය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අධිවේගී මාර්ගයේ යනවිට විඩාව, නිදිමත දැණුනොත් ක්‍රියා කළ යුතු ආකාරය

ධිවේගී මාර්ගයක් තුළට වාහනයක් ඇතුල් කිරිමෙන් පසු එයට අදාළ සියළුම නීති රීති අනිවාර්යයෙන් පිළිපැඳිය යුතු වනවා. එසේ නොවුණහොත් මාරාන්තික රිය අනතුරු පවා ඇති වීමට ඉඩ තිබෙනවා. එහි නීතියකට අනුව රියදුරුට නිදිමත හෝ විඩාව නිසා මාර්ගය අයිනේ වාහන නවතා තැබීම තහනම් වනවා.

නමුත් ඇතැම් රියදුරන් මෙම නීතිය නොතකමින් මාර්ගය දෙපස වාහන නවතන බවක් දක්නට ඇතැයි අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත පුෂ්පකුමාර මහතා පවසන්නේ.
යම් හෙයකින් රියදුරුට විඩාව හෝ නිදිමත දැණුනහොත් විවේක ගත හැක්කේ එසේ විවේක ගැනීමට වෙන් කර ඇති ස්ථානවල පමණක් බව ඔහු පවසා සිටිනවා.

අධිවේගී මාර්ගවලට වාහනයක් ඇතුළු කිරීමෙන් පසු විඩාව හෝ නිදිමත යන කරුණු දක්වමින් මාර්ගය අයිනේ වාහන නතර කිරීමට නීතියෙන් ඉඩක් නොමැති බව පොලිසිය පවසනවා.

ඇතැම් රියදුරන් මෙම තත්ත්වය වටහා නොගෙන කි‍්‍රයා කරන බවයි පොලිසිය පවසන්නේ.

කිසියම් රියදුරෙකුට නිදිමත හෝ තෙහෙට්ටු ගතියක් ඇත්නම් වාහන නතර කළ හැක්කේ විවේක ගැනීමට වෙන් කර ඇති ස්ථානවල පමණක් බව අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත පුෂ්පකුමාර පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu