gossiplanka alexa ශ්‍රී ලංකාව තුළ කොරෝනා දෙවන ‍රැල්ලක් ඇති වීමේ අවදානමක් ? රජයට අනතුරු ඇඟවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාව තුළ කොරෝනා දෙවන ‍රැල්ලක් ඇති වීමේ අවදානමක් ? රජයට අනතුරු ඇඟවීමක්

https://www.gossiplanka.com/2020/06/coronasrilanka-warning.html
ශ්‍රී ලංකාව තුළ නැවතත් කොරෝනා දෙවන ‍රැල්ලක් මතු වීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවෙන් මෙරටට පැමිණෙන වෙළෙන්ඳන්ගෙන් මෙම වසංගතය නැවත පැතිර යා හැකි බවයි ඔවුන් පවසන්නේ.

ඔවුන් යාපනය ප්‍රදේශයට පැමිණීම නිසා කොරෝනා දෙවන ‍රැල්ල යාපනයෙන් ආරම්භ විය හැකි බවත් එයින් අතිශය භයානක තත්ත්වයක් ඇති විය හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

කොරෝනා වසංගතය මර්ධනය සඳහා එම වෛරසය ආසාදිත පුද්ගලයින් සහ එම පුද්ගලයින් ඇසුරු කල අය ඉක්මනින් හඳුනාගෙන නිරෝධායනයට යොමු කළ ද මෙසේ නීති විරෝධී ලෙස පැමිණි පිරිස් සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් හඳුනා ගැනීම බරපතල කටයුත්තක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඒ හේතුව නිසා වෛරසය සිඝ්‍රයෙන් ආසාදනය වී හැකි බව ඔවුන් පවසනවා.

ඉන්දියාවේ තවමත් නව කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාමත් එය මේ දක්වාත් පාලනයකින් තොර වීමත් නිසා මෙරටට ඉන්දියාවෙන් නීති විරෝධී ලෙස පැමිණෙන පිරිස් වහාම නතර කර ගැනීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකාව ද බරපතල අනතුරකට මුහුණ දෙන බවයි රජයට අනතුරු අඟවමින් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා ප්‍රකාශ කර සිටින්නේ.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu