gossiplanka alexa "මට හුස්ම ගන්න බෑ" - (I can't breathe)

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"මට හුස්ම ගන්න බෑ" - (I can't breathe)

https://www.gossiplanka.com/2020/06/Racism-America.html
මරිකාවේ දකුණු කැරොලිනා ජනපදයේ සිටි ධනවත් ස්පාඤ්ඤ ජාතිකයන් විසින් නීග්‍රෝ අප්‍රිකානුවන් ‍රැගෙන විත් ඇත්තේ 1526 දීය. ඒ වහල් සේවය සඳහායි. එතැන් පටන් කළු සම සහිත මිනිසුන් තමන්ගේ මෙහෙවර සඳහාම උපන් අය ලෙස අමෙරිකානුවන් සිතීම හේතුවෙන් අප්‍රිකානුවන් විඳි ගැහැට අනන්තය.

මේ වන විට අමෙරිකාවේ මෙම කළු සුදු ප්‍රශ්නය ඉතාමත් උග්‍ර අතර හැරී ඇති අතර කළු ජාතිකයින්ගේ අයිතිවාසිකම් උදෙසා ඔවුන් උද්ඝෝෂණ සිදු කරන වාර බොහෝය. මෙහි දී බොහෝ ගැ‍ටුම් ඇති වී පුද්ගල මරණ පවා වාර්තා වුණා. මෙම ගැ‍ටුම් වලට මූලික වී ඇත්තේ වර්ගවාදයටත් වඩා කළු ජාතිකයින් සහ සුදු ජාතිකයින් අතර පවතින සැකයයි. මෙම තත්ත්වය ඇමරිකානු පොලීසිය තුළ දැඩි ලෙස දක්නට ඇති අතර ඔවුන්ට කළු ජාතිකයින් සෑම විටම පෙනෙන්නේ අපරාධකාරයින් ලෙසයි. අමෙරිකානු පොලිස් නිලධාරීන්ගේ මෙම සැකය නිසා කළු ජාතිකයින් බොහොමයකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වුණා.

දැනට දින පහකට පෙර මෙසේ අමෙරිකානු සුදු පොලීසිය විසින් කළු ජාතිකයෙකු මරා දැමීම ගැන අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් පටන් ගැනුණා. මෙ වන විට මෙම උද්ඝෝෂණ නිසා ගැ‍ටුම් උග්‍ර වි ඇති අතර කළු ජාතිකයින් කඩසාප්පු මංකොල්ල කමින්, ගොඩනැගිලි ගිනිබත් කරමින් ඉතා ප්‍රචණ්ඩ උද්ඝෝෂණයක නිරත වනවා. මේ වන විට කඩසාප්පු දසදහසකට අධික ප්‍රමාණයක් කැරලිකරුවන් විසින් මංකොල්ල කා තිබෙන අතර විරොධතා කරුවන් සහ පොලීසිය අතර දැඩ් ගැ‍ටුම් මතුව තිබෙනවා.

මෙම කෝලාහල නිසා අමෙරිඅකවේ නගර 23කට ඇඳිරි නීතිය පැනවීමට ද එරට රජය ක්‍රියාකර තිබෙනවා. පාලකයින්ගේ අදූරදර්ශී ක්‍රියාවන් නිසා උග්‍ර අතට හැරෙන මෙම විරෝධතා නිසා බොහොමයක් ජීවිත හානි සිදු වී ඇතැයි ද තොරතුරු අනාවරණය වනවා.

දරිද්‍රතාව, නූගත් කම හා වෙනත් සමාජ ප්‍රශ්න රැසකින් පීඩා විඳින ඇමරිකාවේ කළු ජාතිකයන් පිළිබඳ මීට වඩා සානුකම්පිතව බැලීමට එරට ජන නායකයින් ඇතුළු සියලූම දෙනා වහ වහා පියවර ගැනීමට දැන්වත් කටයුතු යෙදිය යුතුව තිබෙනවා. තව දුරටත් කළු ජාතිකයින් අමෙරිකාවේ හෝ වෙනත් කිසිදු රටක වහලුන් නොවන බවත් ඔවුන්ද සෙසු මිනිසුන්ට සමාන බවත් සියළු දෙනා වටහා ගත යුතුය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu