gossiplanka alexa පරීක්ෂා කිරීමට ‍රැගෙන ගිය කොරෝනා ආසාදිතයින්ගේ රුධිර සාම්පල රිලවුන් පැහැරගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පරීක්ෂා කිරීමට ‍රැගෙන ගිය කොරෝනා ආසාදිතයින්ගේ රුධිර සාම්පල රිලවුන් පැහැරගනී

රීක්ෂණාගාර නිලධාරියෙකුට හිරිහැර කර ඔහු සතුව තිබූ කොරෝනා ආසාදිතයන්ගේ රුධිර සාම්පල කට්ටල කිහිපයක් රිලවුන් විසින් ‍රැගෙන පලාගොස් ඇති බව වාර්තා වනවා. මෙම සිද්ධිය වාර්තා වන්නේ ඉන්දියාවේ මීරුට්හි ප්‍රදේශයෙන්. එම ප්‍රදේශයේ පිහිටි වෛද්‍ය විද්‍යාලයේ සිටින කොරෝනා ආසාදිතයින් තිදෙනෙකුගේ රුධිර සාම්පල මෙසේ රිලවුන් විසින් ‍රැගෙන ගොස් තිබෙනවා.
රිලවුන් විසින් මෙසේ රුධිර සාම්පල ‍රැගෙන ආසන්නයේ පිහිටි ප්‍රදේශවලට ද ගෙනයාම හේතුවෙන් කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානමක් ඇතැයි නිලධාරීන් පවසනවා. එසේ රුධිර සාම්පල නැති වූ ආසාදිතයින්ගෙන් නැවත රුධිර සාම්පල ලබා ගැනීමක් ද සිදු වී නැහැ.

රුධිර සාම්පලයක් ගත් එක් වඳුරෙකු ගසකට නැග එම සාම්පලය කඩමින් සිටින අයුරු ද ප්‍රදේශවාසීන් දැක තිබෙනවා. මේ වන විට අදාළ ප්‍රදේශයේ වනජීවි නිලධාරීන් සහ ආරක්ෂක අංශ වැඩි දුර විමර්ශන සිදු කරමින් සිටිනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu