gossiplanka alexa ආරක්ෂක අමාත්‍යාංශයෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආරක්ෂක අමාත්‍යාංශයෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

ජංගම දුරකථන පදනම් කර ගනිමින් මුදල් හුවමාරු කරගත් ක්‍රමයක් භාවිත කරමින් සිදුවන වංචා සහ පුද්ගලයින්ට තර්ජනය කර කප්පම් ගැනිම් සිදුකිරිමක් සිදු වන බවත් ඉන් ජනතාව ආරක්ෂාවන වන ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා.

සංවිධානාත්මක කණ්ඩායමක් විසින් කප්පම් ගැනිම සඳහා ජංගම දුරකථන පදනම් කරගත් මුදල් හුවමාරු වංචාවක් මෙහෙයවන බව අනාවරණය වි ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය ප්‍රකාශ කරන්නේ වංචාකාර පුද්ගලයින් සමහර පිරිස් වෙත දුරකථන ඇමතුම් දි තර්ජනය කර ජංගම දුරකථන මුදල් හුවමාරු පද්ධති භාවිත කරමින් 25,000ක් හා 50,000 ආදි වශයෙන් මුදල් ලබා ගන්නා බවයි.

ඒ හේතුවෙන් මෙම වංචාවන් සම්බන්ධයෙන් ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර සිටිනවා.

මෙවැනි වංචාකාර පුද්ගලයින් ඔබ වෙතත් දුරකථන ඇමතුම් ලබා දි ඇත්නම් හා ළඟම ඇති පොලිසියට පැමිණිලි කරන ලෙසත් 119 අමතන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම වංචාවන්ට ආදාළ පුද්ගලයින්ට ඉදිරියේ දි අමාත්‍යාංශය විසින් දැඩි නීතිමය පියවර ගන්නා බව ආරක්ෂක ලේකම්වරයා පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu