gossiplanka alexa පනවා ඇති සීමා ලිහිල් කිරීමට අවධානය, සීමා ලිහිල් කිරීමට පෙර කළ යුතු කරුණු ගැන වෛද්‍ය සංගමයෙන් වාර්තාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පනවා ඇති සීමා ලිහිල් කිරීමට අවධානය, සීමා ලිහිල් කිරීමට පෙර කළ යුතු කරුණු ගැන වෛද්‍ය සංගමයෙන් වාර්තාවක්

gossip lanka coronaupdates
දේශීය ආර්ථිකය මෙන්ම ජන ජීවිතය ආරක්ෂා වන අයුරින් ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරු සමඟ ඊයේ (15) දිනයේ දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දෙනු ලැබූයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම, කෘෂි හා ධීවර කටයුතු අඛණ්ඩව පවත්වාගන යාම, අපනයන කෘෂිකර්මය නගා සිටුවීම සහ අනෙකුත් ව්‍යාපාර වලට අවශ්‍ය පසුබිම සකස් කරදීමට වැඩකටයුතු කරන ලෙසයි. 

මෙම කටයුතුවලදී ජනතාව ඒකරාශී වීම අවම කරමින් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය ප්‍රමිතීන් පවත්වාගන යාමේ වගකීම ආයතන ප්‍රධානීන්ට සහ අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පැවරෙනු ඇති බවත් ජනාධිපතිවරයා කියා සිටියා. එසේම ඉදිරි කාලය තුළ රාජකාරී කටයුතු බාධාවකින් තොරව සිදුකරගෙන යා හැකි අන්දමින් ඇඳිරි නීතිය ලිහිල් කිරීම කෙරෙහිද අවධානය වුණා. 

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටින්නේ දැනට පනවා ඇති සීමා ලිහිල් කිරීමට සහ දෛනික කටයුතු යළි ආරම්භ කිරීමට නම් කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ තවත් වේගවත් කළ යුතු බවයි.  එම සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක, වෛද්‍ය සමන්ත ආනන්ද මහතා කියා සිටින්නේ රට යථාතත්ත්වයට පත් කිරීම විද්‍යානුකූලව සිදුකළ යුතු බවයි. මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට රෝගීන් ඉක්මනින් හඳුනා ගැනීම, ඔවුන් ඇසුරු කළ අය හඳුනා ගැනීම, නැවත නැවත පරීක්ෂණ කිරීම ආදී කරුණු  ඇතුළත් වාර්තාවක්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී ඇති බවත් එම වාර්තාවෙන් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළ කරුණු විශ්ටර ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කරනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu