කොරෝනා වසංගතය නිසා වැසූ ගමක් විවෘත වෙයි, අවදානමක් ගම්මාන දෙකක් වසා දැමේ

gossip lanka news about corona
නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් වසා දැමූ බණ්ඩාරගම අටුළුගම ගම්මානය නැවත විවෘතකරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. සති දෙකක පමණ කාලයක් හුදකලා කර තිබූ මෙම ගම්මානයේ හුදකලා කාලය අද දිනයේ අවසන් වන බවයි එතුමා කියා සිටියේ. නමුත් රට පුරා පවතින ඇඳිරි නීතිය එම ප්‍රදේශයට එලෙසම බලපැවැත්වෙනු ඇති.

එම ගම්මානය විවෘත කිරීමට තීරණය වෙද්දී බේරුවල ප්‍රදේශයේ කොරෝනා වෛරසය පැතිරීමේ ඉහළ අවදානමක් පවතින  පන්විල හා චීන කොරටුව ගම්මාන දෙක හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu