gossiplanka alexa වැලිසර නාවික හමුදා කඳවුර හුදකලා කිරීමට පියවර ගනී - නිවාඩුවට නිවෙස් වෙත ගිය අයද කඩිනමින් කඳුවරට ගෙන්වා නිරෝධායනයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වැලිසර නාවික හමුදා කඳවුර හුදකලා කිරීමට පියවර ගනී - නිවාඩුවට නිවෙස් වෙත ගිය අයද කඩිනමින් කඳුවරට ගෙන්වා නිරෝධායනයට

ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව ඊයේ (24) රාත්‍රීය වන විට 368 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේ දී නව ආසාධිතයින්ට 38 දෙනෙක් හමුවීමත් සමඟයි.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වැඩිම ආසාධිතයින් ගණනද වාර්තා වුයේ ඊයේ දිනයේ වන අතර එයින් 29 දෙනෙක්ම වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් ලෙසයි වාර්තා වන්නේ.

යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ නාවික හමුදා සෙබළුන් 29 දෙනා හට සිදු කළ PCR පරීක්ෂණ වලින් මේ බව තහවුරු වූ බවයි.

පසුගියදා පොළොන්නරුව ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාධිත නාවික සෙබලා ඇතුළු වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් 30ක් වෙත මේ වන විට කොරෝනා වෛරසය වැළඳී තිබෙනවා.

මෙම සිද්ධියත් සමඟ වැලිසර නාවික හමුදා කඳවුර හුදෙකලා කිරීමට නාවික හමුදාපතිවරයා තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පොළොන්නරුව ප්‍රදේශයේ වාර්තා වූ කොරෝනා ආසාධිත රෝගියාට වෛරසය වැළඳී ඇති බවට මේ වන විට සැක පළ කරන්නේ ජා-ඇල ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිත පුද්ගලයා සමඟ සම්බන්ධකම් පැවැත්වූ පිරිස් පිළිබඳ සිදුකළ නාවික හමුදා මෙහෙයුමට එක්ව සිටි සෙබලෙකුගෙන් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා නිවෙස් වෙත ගිය සියලු නිලධාරීන් යළි කඳවුර වෙත කැඳවා ඇති අතර ඔවුන් සියලු දෙනා නිරෝධායනට ලක් කිරීමටයි තීරණය කර ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu