Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

කුරුණෑගල ශික්ෂණ රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර සිටි රෝගීන් හය දෙනෙක්හට වෛරසය ආසාධනය වී ඇති බව වාර්තා වනවා.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව පවසන්නේ මෙම පිරිස අතරට නාවික හමුදාවේ දෙදෙනෙක් සහ යුද හමුදාවේ දෙනෙක් අයත් බවයි.

නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු සඳහා පැමිණි අවස්ථාවේදී කොරෝනා වෛරසය ආසාධනය වූ වාරියපොළ බණ්ඩාර කොස්වත්තේ පදිංචි නාවික හමුදා සාමාජිකයා සමඟ වැලිසර සිට යතුරු පැදියකින් පැමිණි ඇති බව වාර්තා වනවා.

මේ අතර වාරියපොළ ප්‍රදේශයේ කනත්තේවැව ප්‍රදේශයේ තවත් නාවික හමුදාවේ සෙබලෙක්ටද වෛරසය ආසාධනය වී තිබෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page