gossiplanka alexa තංගල්ලෙන් තවත් සෙබලෙක්ට කොරෝනා වැළඳේ - පවුලේ සාමාජිකයන් සහ ග්‍රාම සේවක නිලධාරියාද නිරෝධායනයට පියවර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තංගල්ලෙන් තවත් සෙබලෙක්ට කොරෝනා වැළඳේ - පවුලේ සාමාජිකයන් සහ ග්‍රාම සේවක නිලධාරියාද නිරෝධායනයට පියවර

තංගල්ල රැකව ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය වැළඳුණු නාවික හමුදා නිලධාරියෙක් අද (27) කොළඹ IDH රෝහල වෙත යැවීමට තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

එහිදී පවුලේ තිදෙනෙකු සහ එම ප්‍රදේශයේ ග්‍රාම සේවක නිලධාරියෙක් නිරෝධායනයට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 21 වනදා මෙම සෙබලා තංගල්ල රැකව ප්‍රදේශයට පැමිණි ඇති අතර ඊයේ (26) දිනයේදී PCR පරීක්ෂණයට යොමු කිරීමෙන් අනතුරුව කොරෝනා ආසාධිත බවට අද වාර්තා වී තිබෙනවා.

මෙම නිලධාරියා සහ ඔහුගේ මව, පියා සහ නැගණිය ඉකුත් 24 වනදා සිට ඔහුගේ නිවසේ දීම නිරෝධායනය කිරිමටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර ඇත්තේ

එහිදී ඔවුන්ගේ නිවසට 24 වනදා පැමිණි බවට අනාවරණය වූ ග්‍රාම නිලධාරියෙක් ද නිරෝධායනය කිරීමට මහජන පරීක්ෂකවරුන් අද පියවර ගත්තා.

මේ වන විට එම නිවස සහ අවට ප්‍රදේශය විෂබීජහරණය සිදු කර ඇති අතර නෙටොල්පිටිය - රැකව මාර්ගයේ පදිංචි ජනතාවට නිවසින් බැහැර නොවන ලෙසද මහජන පරික්ෂවරුන් උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර එම සෙබලා පසුගිය 21 වනදා තංගල්ලේ පිහිටි සුපිරි වෙළඳසැලක් වෙත ගොස් ඇති බවද මහජන පරීක්ෂකයන් වෙත අනාවරණය වී ඇති අතර එම සුපිරි වෙළඳසැලද තාවකාලිකව වසා දැමීමට එම නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu