gossiplanka alexa නුවර එළිය දිස්ත්‍රික්කයේ ගව ඝාතනය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නුවර එළිය දිස්ත්‍රික්කයේ ගව ඝාතනය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කෙරේ

lanka gossip
හාම ක්‍රියාත්මක වන පරිදි (27) දින සිට  නුවරඑලිය දිස්ත්‍රික්කය තුල ගව ඝාතකාගාරවල සතුන් ඝාතනය කිරිම වහාම නතර කිරිමට පියවර ගෙන ඇති බව වාර්තාවනවා. ඒ මුඛ සහ කුර රෝග පැතිරි යාමේ අවධානමක් ඇති බවට නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා විසින් කල ලිඛිත දැනුම් දිමක් මතයි. 

නුවරඑලිය , කොත්මලේ , අඹගමුව  , වලපනේ , හගුරන්කෙත යන ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත මෙම නිවේදනය ලිඛිතව දැනුම් දී තිබෙනවා. ඒ නුවරඑලිය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකම මේ වන විට මුඛ සහ කුර රෝග පැතිරි යන බවට කරුණ අනාවරණ වීමෙන් අනතුරුවයි. මේ රෝගය ව්‍යාප්ත විම වැලැක්විමේ ක්‍රියාවලියක් ලෙස දිස්ත්‍රික්කය තුල සහ දිස්ත්‍රික්කයෙන් පිට තාවකාලිකව සතුන් ප්‍රවාහනය කිරිම අත්හිටුවිමට ද පියවර ගෙන තිබෙනවා. ඒ දිස්ත්‍රික් පශු වෛද්‍ය නිලධාරින්ගේ නිර්දේශයන් මතයි.  එම තිරණයත් සමඟම නැවත දැනුම් දෙනතුරු සත්ව ප්‍රවාහනය සදහා නිකුත් කරනු ලබන බලපත්‍රය තාවකාලිකව අත්හිටුවනු ඇති. 

නුවරඑලිය දිස්ත්‍රික්කයේ පශු වෛද්‍යවරුන් කියා සිටින්නේ මස් පිණිස සතුන් ඝාතනය කිරිමේදි පශු වෛද්‍යවරයාගේ නිර්දේශයක් අනිවාර්යෙන් තිබිය යුතු බැවින් දිස්ත්‍රික් ලේකම්වරයාගේ ඉල්ලිම මත සතුන් ඝාතනය කිරිම සදහා එම බලපත්‍රය නිකුත් කිරිම තාවකාලිව අත්හිට වු බවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu