gossiplanka alexa මහ දවල් අන්තර්ජාලයේ ඡන්ද මංකොල්ල කෑවේ කවුද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහ දවල් අන්තර්ජාලයේ ඡන්ද මංකොල්ල කෑවේ කවුද?

නාධිපතිවරණය ලංවෙත්ම ඇතිවන මැතිවරණ උණුසුම එන්න එන්නම වැඩි වෙමින් පවතිනවා. බොහොමයක් සමාජ මාධ්‍ය අන්තර්ජාලය තුළ ඡන්දයට කලින්ම ජනතාවගේ මතය කුමක්ද යන්න විමසුමට ලක් කරන්නේ මේ මැතිවරණ උණුසුම නිසාමයි. ඒවායිනුත් ඇතැම් මනාප පළ කිරීම් සිදුවන්නේ ඒ ඒ පක්ෂයන්ට අවශ්‍ය ආකාරයට. සමහරවිට එක් පක්ෂයකින් ලබා දුන් මුදල් ප්‍රමාණය අනුව ඒ පක්ෂයට වැඩි මනාප ප්‍රමාණයක් ලබා දීමට තමයි බොහෝ දෙනා කටයුතු කරන්නේ.

gossiplanka.com වෙබ් අඩවිය තුළ ද මේ ආකාරයෙන්ම ජනතාවගෙ මත විමසුමක් මේ දිනවල සිදු කරනු ලබනවා. නමුත් මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ කිසිම වංචාවකින් තොරව නියම ජනතා මනාපය එනම් එක් එක් පාක්ෂිකයාට ලැබෙන සත්‍ය මනාප ප්‍රමාණය ගණනය වීමයි. මෙහි දී තාක්ෂණික දැනුම උපයෝගී කරගෙන ව්‍යාජ ලෙස යොදන මනාපයන් ප්‍රතික්ෂේප කිරීමට ද හැකියාව තිබෙනවා.

තත්ත්වය මෙසේ තිබියදි සිදු වූ එක් කණගා‍ටුදයක කරුණ නම් ඊයේ (23) දිනයේ දී එක් පාක්ෂිකයෙකු විසින් තාක්ෂණික මෙවලමක් උපයෝගි කරගෙන තමන්ට ව්‍යාජ ලෙස මනාප ලබා ගැනීමට තැත් කිරීමයි. විදෙස් ආධාර උපයෝගී කරගනිමින් ඔහු තම ඡන්ද ප්‍රමාණය බොහෝ ලෙස වැඩිකිරීමට කටයුතු කළා. ඉතා පහළ ප්‍රතිශතයක තිබූ ඡන්ද ප්‍රමාණය එක්වරම ඉහළ ප්‍රතිශතයකට පැමිණීම සම්බන්ධයෙන් ගොසිප් ලංකා තාක්ෂණික කණ්ඩායම කළ විපරමක දී එකී පාක්ෂිකයා සිදු කරන මෙම ව්‍යාජ ක්‍රියාව හඳුනා ගැනීමට හැකි වුණා. එසේම gossiplanka.com පරිශීලකයින්ද මෙසේ එක්වරම ඡන්ද ප්‍රමාණය වැඩි වීම පිළිබඳව සමාජ මාධ්‍ය හරහා විමසා තිබුණා. කෙසේ වෙතත් මෙම ව්‍යාජ ක්‍රියාව පාලනය කිරීමට gossiplanka.com තාක්ෂණික කණ්ඩායම ඉක්මන් පියවර ගනු ලැබුවා.

රටක් භාරගැනීමට සිටින ජනාධිපති අපේක්ෂකයෙකු මෙවන් ක්‍රියාවක් සිදු කිරීම අනුමත කළ හැකිද? මනාප ප්‍රමාණයන් ව්‍යාජ ලෙස වෙනස් කරමින් ජනතාවගේ මතය වෙනස් කිරීමට උත්සාහ කරන අදාළ පාක්ෂිකයා පිළිබඳව සියළු තොරතුරු සාක්ෂි සමඟින් නුදුරු දිනක දී ඉදිරිපත් කිරීමට gossiplanka.com සූදානම්. විපරමින් සිටින්න. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu