gossiplanka alexa අමෙරිකාවේ සංචාරය කරන අයට දැඩි අනතුරු ඇඟවීමක්,

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අමෙරිකාවේ සංචාරය කරන අයට දැඩි අනතුරු ඇඟවීමක්,

මෙරිකා එක්සත් ජනපදයේ සංචාරය කරන සංචාරකයින්ට සහ අමුත්තන්ට සංචාරය කරන විට දැඩිසේ සුපරික්ෂාකාරී වන ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ඊයේ(09) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. 

"අමෙරිකාවේ සංචාරය කරන කවුරුන් වුවත් තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කල්පනාකාරී විය යුතුයි. මන්ද අමෙරිකාව සිය රටට පැමිණෙන සංචාරකයින් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන බවක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ හේතුවෙන් රට තුලදී එහි පැමිණෙන සංචාරකයින් සුරක්ෂිතයි යන්න සිතීම උගහටයි. කොටින්ම වෙඩි ප්‍රහාරයකට ගොදුරු නොවෙයි කියා සහතික කොට කිව නොහැකි තත්ත්වයක් මතුව ඇත්තේ. 

ගිනි අවි හිංසනයෙන් ජනතාව ආරක්ෂා කිරීමට අමෙරිකානු රජය අසමත්" යනුවෙන් ගිනි අවි ප්‍රචණ්ඩත්වය සම්බන්ධ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ අමෙරිකානු නියෝජිතවරයා සඳහන් කර සිටිනවා. 

ගිනි අවි උපයෝගී කර ගනිමින් සිදුකරනු ලබන හිංසනයන් බහුලව සිදුවන බැවින් එම ක්‍රියාවන් මානව හිමිකම් අර්බුදයකට සමාන බවටද ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය සිය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

ගිනි අවි හිංසනයට අමතරව වර්ගවාදය, ජාතිවාදය ඇතුළු හිංසාකාරී ක්‍රියාවන් රැසකට සංචාරකයින් අමෙරිකාව තුල ගොදුරුවීමේ ප්‍රවණතාවයක් පසුගිය කාල සීමාව තුලදී වාර්තා වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ද සංචාරකයින් සිය අවධානය යොමු කිරීම වැදගත් බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසනවා. 

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයට අමතරව මේ වන විට වෙනිසියුලාව සහ උරුගුවේ රාජ්‍යයන් සිය පුරවැසියන්ට අමෙරිකාවේ සංචාරය කිරීමේදී අවධානයෙන් සිටින ලෙස දන්වමින් සංචාරක අනතුරු ඇඟවීම පනවා තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu