තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව අගමැතිවරයා පවසයි, සජිත්ගේ පාක්ෂිකයින් කැළඹේ

අගමැතිවරයා සමග පැවති සාකච්චාවකදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඇමති සජිත් ප්‍රේමදාස මහතාට තමන් මීළග ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් වන බව දන්වා ඇතැයි වාර්තා වනවා. 

එම දැනුම් දීමත් සමඟම ජනාධිපති අපේක්ෂකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ඉල්ලා රට පුරා ජන‍රැළි මාලාවක් පැවැත්වීමට සජිත් හිතවාදී කණ්ඩායම තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට බදුල්ලේදී එහි මුල්ම ජන රැළිය පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.


එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන නව සන්ධානය මස අවසන් වීමට කලින් පිහිටුවීමටද සූදානම් කර ඇති අතර ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් එජාප ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යලිත් අගමැතිවරයා මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි ආරංචි වන්නේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu