gossiplanka alexa ගූගල් සිතියමට හසු වූ අරුම පුදුම ඡායාරූප පෙළක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගූගල් සිතියමට හසු වූ අරුම පුදුම ඡායාරූප පෙළක්

ගූගල් සිතියම ගැන මේ වන විට නොදන්නා කෙනෙක් නොමැති තරම්. ගමන් බිමන් යද්දී, නොදන්නා තැනක් සොයා ගන්නට අවශ්‍ය වෙද්දී ගූගල් සිතියම නැතිවම බැරි දෙයක් බවට පත් වෙලාත් තිබෙනවා. ගූගල් සිතියමත් එක්කම බැඳුනු තවත් දෙයක් තමයි ‘ගූගල් ස්ටී‍්‍රට් වීව්’ (Google Street View) කියන්නේ. ගූගල් සිතියමෙන් අපට පෙන්වන්නේ චන්ද්‍රිකා මගින් ගත් ඡායාරූප. 

නමුත් ස්ටී‍්‍රට් වීව් එකෙන් පෙන්වන්නේ මාර්ගයක ගමන් ගනිද්දී අප දකින ආකාරයේ දසුනක්. ගූගල් සමාගම ලොවට දායාද කළ මේ පහසුකම් දෙක අද වන විට ලෝකය පුරා පුදුමාකාර ලෙස ජනප‍්‍රිය වෙලා තියෙනවා. කොහොම වුණත් ගූගල් සිතියමටත්, ගූගල් ස්ටී‍්‍රට් වීව් එකටත් හසු වුණු අමුතු දර්ශන බොහොමයක් ගැන අපූරු තොරතුරු අන්තර්ජාලයේ තිබෙනවා. මේ මේ වගේ දේවල් කිහිපයක් තමයි මේ කියන්න යන්නේ. 

1.මිනිස් දෙතොල – ගූගල් සිතියමට හසු වුණු මේ අපූරු දසුන තියෙන්නේ සුඩානයේ. මේ චන්ද්‍රිකා ඡායාරූපයෙන් පෙනෙන්නේ රක්ත පැහැයෙන් යුක්ත, දැවැන්ත මිනිස් දෙතොලක්. කඳු වැටිවලින් නිර්මාණය වුණු මේ දසුන තිබෙන්නේ සුඩානයේ ඝරාබ්, ඩාර්ෆූර් කියන ප‍්‍රදේශයේ. 


2. සුන්බුන් නෞකාව – මේ සුන්බුන් නෞකාව දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපය අරන් තිබෙන්නේ ඉන්දියානු සාගරයෙන්. මෙය අනතුරකට පත් නෞකාවක් බවයි සොයා ගෙන තිබෙන්නේ. මේ අනතුර සිදු වී තිබෙන්නේ දකුණු අන්දමන් දුපත්, නිකොබාර් දුපත් සහ උතුරු සෙන්ටිනල් දුපත්වලට ආසන්නවයි. පසුව සොයා ගත් විස්තරවලට අනුව මෙසේ අනතුරට පත්ව ඇත්තේ බොල්වියානු භාණ්ඩ නෞකාවක් වූ ‘එස්.එස්. ජාසිම්’. නෞකාවයි. අඩි 265ක් දිගින් යුක්ත මෙය වෙරළට කිට්ටුවෙන් යාත‍්‍රා කරද්දී වින්ගෙට් කොරල් පරය අසලදී මෙසේ අනතුරට පත්ව තිබෙනවා. කෙසේ නමුත් මේ ප‍්‍රදේශයට සාමාන්‍යයෙන් මිනිසුන්ට ළඟා විය නොහැකි ප‍්‍රදේශයක් ලෙසටයි වාර්තා වී තිබෙන්නේ. අපහසුවෙන් හෝ මේ කරා ළඟා වුණත්, මේ අවට මහා දරුණු ගෝත‍්‍රිකයන් ජීවත් වනවා යැයි පැවැසෙනවා. වාර්තාවන්ට අනුව මේ නෞකාව ආසන්නයේම ඇති මෙම දුපත ඇමෙරිකා එක්සත් ජනපදයේ මැන්හැටන් නගරය තරම් විශාලයි. එනම් වර්ග කිලෝ මීටර 87ක් පමණ වෙනවා. මෙම දුපත බාහිර ලෝකය සමග කිසිදු සබඳතාවක් නොපවත්වන බවයි පැවැසෙන්නේ. මේ ප‍්‍රදේශයට ගිය ධීවරයන් දෙදෙනකු මේ අවට ජීවත් වන ගෝත‍්‍රිකයන් විසින් මරා දමා ඇති බවත් දැනගන්නට ලැබෙනවා.


3.මේසා හුවර්ෆානිටා – මේසා හුවර්ෆානිටා තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝ ප‍්‍රදේශයේ. මෙම චන්ද්‍රිකා ඡායාරූපයෙන් දැක්වෙන්නේ පොළොවේ කොටන ලද දියමන්ති සංකේත දෙකක් වටා වූ වෘත්ත දෙකක්. මේ වෘත්ත දෙක එකිනෙක කැපී යන ආකාරයෙන් පිහිටුවා තිබෙනවා. දැනට දැනගන්නට ලැබී තිබෙන තොරතුරුවලට අනුව මෙම සංකේතය සම්බන්ධතාවක් දක්වන්නේ ‘චර්ච් ඔෆ් සයන්ටොලොජි’ නම් ආගමික සංවිධානයටයි. මෙහි ඔවුන්ගේ රහස් ආරක්ෂක නිවාස ඇතැයි පැවැසෙනවා. බයිබලයේ එළිදරව් පොතේ ස`දහන් වන ලෝකාවසානයේ අවසන් මහා යුද්ධය වන ‘ආමගෙඩොන්’ අවස්ථාවේදී ලෝකයෙන් පිටතට ගොස් පුනරාගමනය කරද්දී, මග පෙන්වීමක් ලෙස මෙම සංකේත යොදා ඇති බව චර්ච් ඔෆ් සයන්ටොලොජි සංවිධාන පවසනවා.


4.අමුතු ත‍්‍රිකෝණය – මේ අමුතු ත‍්‍රිකෝණය දකින්නට ලැබෙන්නේ ඕස්ටේ‍්‍රලියාවේ. මහා තිරිඟු යායක් මැද පිහිටි මේ ත‍්‍රිකෝණයේ දීප්තිමත් ආලෝක ලප කිහිපයක් දකින්නට පුළුවන්. පිටසක්වල යානා ගැන අධික විශ්වාසයක් ඇති සියලූ දෙනා මේ පිළිබඳ අදහස් දක්වමින් පවසන්නේ නිසැකවම මෙය තිරිඟු යායට උඩින් පිියාසර කළ පිටසක්වල යානාවක් බවයි. තවත් පිරිසක් පවසන්නේ මෙය සුළං බලයෙන් විදුලිය නිපදවන පද්ධතියක් විය හැකි බවයි. කොටස් තුනක් ලෙස ඉදිකොට ඇති මෙය වයර්වලින් එකිනෙක සම්බන්ධ කොට ඇති නිසා ඉහළ සිට බලද්දී ත‍්‍රිකෝණයක හැඩයෙන් යුක්තව පෙනෙන බවයි ඔවුන් පවසන්නේ.



5.පස්කොන් තරුව – මේ පස්කොන් තරුව ගූගල් සිතියමට ලැබී ඇත්තේ කසකස්තානයෙන්. මෙම තරුව වටා වූ වෘත්තයේ විශ්කම්භය ආසන්න වශයෙන් අඩි 1,200ක් පමණ විය හැකි බව පැවැසෙනවා. කසකස්තානයේ ඉහළ ටොබොල් ජලාශයේ දකුණු ඉවුරේ මෙම පස්කොන් තරුව පිහිටා තිබෙනවා. බොහෝ දෙනෙක් මුලදී පැවසූයේ මෙය යම් ආගමික නිකායකට අයත් සංකේතයක් බවයි. නමුත් විස්තර සෙවීමේදී දැනගන්නට ලැබුණේ මෙය හුදෙක්ම උද්‍යානයක සැලැස්මක් පමණක් බවයි.


6.සැන්ඩි දුපත – සැන්ඩි දුපත ලෙස නම් කොට ඇති මෙය ගූගල් සිතියමේ සටහන් වී තිබූ අතර තොරතුරු සොයා බැලීමේදී දැනගන්නට ලැබුණේ මෙය මෑත කාලයේ මුහුදෙන් මතු වුණු දුපතක් බවයි. ගිනිකොණ දිග පැසිෆික් සාගරයෙන් මතු වූයේ යැයි සැලකුණු මේ පිළිබඳ සොයා බලන්නට විද්‍යාඥයන් පිරිසක් ගියද, එවැනි දුපතක් සොයා ගැනීමට හැකි වූයේ නැහැ. පසුව මේ පිළිබඳ විස්තර කෙරුණේ එක්කෝ මෙය මිනිස් වරදක් හෝ මුහුදෙන් හදිසියේ මතුවන යමහල් පාෂාණ හෝ විය හැකි බවයි.


7.වයසක බෝනික්කෝ – මේ වයසක බෝනික්කන් හමුවන්නේ ජපානයේ ෂිකුකු දුපතේ පිහිටි කුඩා ගම්මානයක් වන නගෝරෝවලින්. නගෝරෝ ගම්මානය හඳුන්වන්නේ ‘පඹයන්ගේ ගම්මානය’ නමින්. එ් මෙහි පුදුමාකාර ලෙස බෝනික්කන් සාදන නිසයි. සැබෑ ජීවමාන ප‍්‍රමාණයේ සාදන බෝනික්කන්ටත් මේ ගම්මානය ප‍්‍රසිද්ධයි. කෙසේ නමුත් ගූගල් ස්ටී‍්‍රට් වීව්වලට හසු වූ මෙම බෝනික්කන් සාදා තිබුණේ වයසක ගැහැනියක්. මේ බෝනික්කන් සම්බන්ධව තවත් අද්භූත කතාවක්ද තිබෙනවා. එ් මේ බෝනික්කන් කිසිදා එකම තැන නොපවතින බවයි. එනම් යම් කිසි බෝනික්කකු යම් තැනක තැබුවද, පසුව බලද්දී එය ඇත්තේ වෙනත් තැනකයි. මේ බෝනික්කන් සාදන මහලූ කාන්තාව නම් පවසන්නේ තමන් කිසි දිනෙක මේවායේ ස්ථාන වෙනස් නොකරන බවයි.








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu