gossiplanka alexa හිමිපාණන්ගේ අදාහන චිතකය කඬා දැමීම ගැන ලියවුණු සංවේදී සටහන

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිමිපාණන්ගේ අදාහන චිතකය කඬා දැමීම ගැන ලියවුණු සංවේදී සටහන

රුවන්වැලි සෑ රඳුන් අභියස වසර ගණනාවක් භාවනායෝගීව සිටි  ඉංගිරියේ විජිතවංශ හිමියන් නොබෝ දා අපවත් වූ බව සැල වූ වහාම බොහ්ප දෙනා සංවේගයට පත් වුණා. උන්වහන්සේගේ ආදාහනය ගෞරවාන්විතව සිදු කිරීමට ජේතවනාරාමයේ දකුණු වාසල අසල දායකයින් විසින් චිතකයක් තනා නිම කෙරුවා. 

පුරා විද්‍යා බලධාරීන් විසින් මෙම චිතකය ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ හේතුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සංවේදී සටහනක් තමයි මේ.




සංස්කෘතිකයට හිත්පිත් නොමැති වගට...

"මේ බිම දමා තිබෙනුයේ රුවන්වැලි මහ සෑය අභියස විසි එක් වසරක් බවුන් වැඩූ, සීල කුටියේ හිමියන්ගේ දේහය අදාහනය කරන්නට සකස් කල චිතකයයි.

උන්වහන්සේ ගේ දේහය ජේතවනාරාමයේ දකුණු වාසල අසල පිටියේ ආදාහනය කරන්නට පුරා රැයක් වෙහෙසී දායකයන් චිතකය තනා ඇත.

පුරාවිද්‍යා බලධාරීන් එය දැක ඇත්තේ අද උදෑසන 11.30 ට පමණ ය. අනතුරුව චිතකය ගලවා ඉවත් කරන්නට නියෝග ලබාදී ඇත. පුරාවිද්‍යා පනත අනුව මෙවන් ආදාහනයක් පුරාවිද්‍යා බිමක සිදුවීම වරදක් වන්නට පුළුවන.

නමුත් චිතකය සාදා අවසන් වනතුරු බලධාරීන් මර නින්දක පසු වීද ? කිසිවෙකුටත් වරදක් නොකල මහා යතිවරයාණන් වහන්සේ නමකගේ අවසන් කටයුතු වලට බාධා කිරීම කෙතරම් සදාචාර සම්පන්න ද ?

අපවත් වී වදාළ ඉංගිරියේ විජිතවංශ හිමියන් පාලකයන් පත් කරන්නට වේදිකා මත කෑ මොර දුන්නේ නැත. එසේ වූවා නම් උන්වහන්සේ ගේ ආදාහනයට මේ ඉරණම අත්වන්නේ නැත. උන්වහන්සේ තම ජීවිතය කැප කලේ නිර්වාණය නම් උතුම් අරමුණ වෙනුවෙන්ම පමණි.

නැගෙනහිර විශාලතම චෛත්‍යය ඩෝසර් කර මිරිස් වගා කරනාතෙක් පුරාවිද්‍යා බලධාරීන් දthන්නේ නැත. ගුරුකන්ද පුරාවිද්‍යා පරිශ්‍රයේ විග්නේෂ්වරන් ප්‍රමුඛ දේශපාලනඥයින් ලිප් 150 ක් ගිනි දල්වන තෙක් පුරාවිද්‍යා බලධාරීන් දන්නේ නැත. පුදුමය නම් අදාහන පිංකම අවසන් මොහොතේ දකින්නට ඔවුන් අවදිව ඇත.

පාලකයිනි, කරුණාකර, ව්‍යවස්ථාවේ බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙන බව කියවෙන 9 වන වගන්තිය සඳහන් කඩදහිය ඉරා දමන්න..."
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu