gossiplanka alexa මඩකලපුවේ පිහිටි අනුරාධපුර යුගයට අයත් ස්ථූපය ඩෝසර් කර කළේ කවුද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මඩකලපුවේ පිහිටි අනුරාධපුර යුගයට අයත් ස්ථූපය ඩෝසර් කර කළේ කවුද?

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ නැගෙනහිර පළාතට අයත් මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් පත්තු චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාවඩිවෙම්බු ග්‍රාම සේවා වසමේ පිහිටි අනුරාධපුර සමයට අයත් බවට සැළකෙන විශාලම ස්තූපය හා එය පාදක කර ගනිමින් ගොඩනැගුණු ආරාම සංකීර්ණය කිසියම් පිරිසක් ඩෝසර් කර ඇති බවයි. 

වාලච්චේන මඩකලපුව මාර්ගයේ ADS හංදියෙන් වමට හැරී කිලෝමීටර් 04ක් පමණ දුරක් ගමන් කිරීමෙන් මෙකී ස්ථානයට ළඟාවීමේ හැකියාව පවතී. කලපු කොටසකින් වටවූ භූමියේ තරමක් උස් ස්ථානයක ආරාම සංකීර්ණය පිහිටා තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරටත් පවසා සිටින්නේ විසිරී පවතින නටඹුන් පරීක්‍ෂා කිරීමේදී මෙම ස්ථූපය හා ආරාම සංකීර්ණය ක්‍රි.ව. 02-03 පමණ සියවස්වලට අයත් වෙතැයි අනුමාන කල හැකි බවයි.

ස්තූපයට අමතරව ඉපැරණි ගොඩනැගිලි 07ක අවශේෂ හඳුනාගෙන තිබෙන අතර ස්තූපයට නැගෙනහිරට වන්නට පිහිටි අවශේෂ ගොඩනැගිලි තවමත් විනාශකර නොමැත. මෙහි ප්‍රධාන ස්තූපය හා ආරාම සංකීර්ණයේ කොටසක් ඩෝසර් කර මිරිස්, මෑ, බටු හා පොල් වැනි බෝග වගාකර ඇති බවයි වාර්තා වන්නේ.ස්තූපයේ උතුරු දිශාවට වන්නට සිරිපතුල් ගල් දෙකක් හා කැටයම් රහිත සඳකඩ පහණක් දැකිය හැකිය. ස්තූපයට අයත් විශාල ප්‍රමාණයේ ශිලා පුවරු, ස්තම්භ හා ගඩොල් යන්ත්‍රෝපකරණ මාර්ගයෙන් ඉවත්කර ඉඩමේ කෙළවර ගොඩගසා ඇතැයි පුරාවිද්‍යා ආරංචි මාර්ග පවසනවා. 

තවත් ගඩොල් කොටස් ස්තූපය අසළම ගොඩගසා ඇති බවත් ස්තූපයේ විශ්කම්භය මීටර් 32ක් පමණ බවත් සඳහන් වනවා. ස්තූපයේ පේසා වළලු හා ගර්භයේ බිත්ති කොටස් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර මෙයට අයත් බොරදම් ගඩොල් තැන තැන විසිර පවතිනවා. ස්තූපයට නැගෙනහිර දිශාවට වන්නට පෙරලා දමන ලද උපස්ථම්භය දැකිය හැකි වනවා. භූමිය පුරා රක්ත වර්ණාලේපිත මැටිබඳුන් කොටස් මෙන්ම උළු හා ගඩොල් විසිර පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu