gossiplanka alexa "පාස්කු ඉරිදා අපි සූදානම්ව නොසිටියත් දැන් අපි ක්ෂණිකව ක්‍රියාත්මක වූ නිසා අයි.එස්.අයි.එස් තර්ජන දැන් ඉවත් කරලා තියෙනවා" -අගමැති

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"පාස්කු ඉරිදා අපි සූදානම්ව නොසිටියත් දැන් අපි ක්ෂණිකව ක්‍රියාත්මක වූ නිසා අයි.එස්.අයි.එස් තර්ජන දැන් ඉවත් කරලා තියෙනවා" -අගමැති

පොසොන් පෝය සැමරීම වෙනුවෙන් රජය ගෙන ඇති පියවර පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරුන් සහ පළාත් ප්‍රධාන ලේකවරුන් සමග සාකච්ඡා කිරීම සඳහා ඊයේ  (7දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ මේ අවස්ථාවේදී බිය සැක නොමැතිව පොසොන් උත්සවය සැමරිය යුතු බවත් මිහින්තලේ පොසොන් කලාපයට පමණක් නොව රට පුරා පන්සල් සඳහා ආධාර ලබා දීමටත්, සියළුම දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි දානමය පුණ්‍යකර්මයන් පැවැත්වීමටත් රජයෙන් ප්‍රතිපාදන වෙන් කොට ඇති බවත්ය. 


අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් කරුණු දක්වමින් මෙලෙස කියා සිටියා.

"මම තානාපතිවරුන් කිහිප දෙනකුට කතා කළා. එදා, පාස්කු ඉරිදා අපි සූදානම්ව නොසිටියත් දැන් අපි ක්ෂණිකව ක්‍රියාත්මක වූ නිසා අයි.එස්.අයි.එස් තර්ජන දැන් ඉවත් කරලා තියෙන බව ඒ අය පිළිගන්නවා.නමුත් ලංකාවේ ජාතිවාදී ගැටුම් ඇතිවෙයි ද කියලා ඔවුන්ට ප්‍රශ්නයක් තිබෙනවා.  මේ ඇතිවන සිද්ධි විශාල ප්‍රශ්නයක් බවට පත්වෙලා තිබෙනවා. ඒ නිසා තමන්ගේ ප්‍රදේශය තුළ ජාතිවාදී ප්‍රශ්න ඇති වෙන්න ඉඩ නොදෙන ලෙස මම දිසා ලේකම්වරුන්ට විශේෂයෙන්ම මතක් කරන්න කැමතියි,  ඒ සඳහා ගම් මට්ටමින් තිබෙන විවිධ කොමිටි රැස්කරවන්න. ඒ අය එක්ක සාකච්ඡා කරන්න. මොකද එක සිද්ධියක් ඇති වුණොත් ආපසු සංචාරක ව්‍යාපාරය කඩා වැටෙන්න පුළුවන්. 

සමහර අය කෙටි කාලීන දේශපාලන වාසියට ජාතිවාදය ඇද ගන්න බලනවා. එත් අන්තිමට වෙන්නේ අපේ ආර්ථිකයට මරු පහරක් වැඳීම පමණයි. සාමාන්‍යයෙන් පොසොන් උත්සවය පවත්වන්නේ සමහර ප්‍රදේශවල පමණයි. ඒත් මේ අවස්ථාවේදී රටේ හැම බෞද්ධ ප්‍රදේශයකම පොසොන් උත්සවය පවත්වන්න අපි තීරණය කළා. 

විශේෂයෙන්ම වෙසක් උත්සවයේදී සමහර අයට සැකයක් තිබුණා. සමහර අයට බයක් තිබුණා. අද ඒ බයයි සැකයයි දෙකම නැහැ. ඒ නිසා මේක හොඳ අවස්ථාවක් අපේ පොසොන් උත්සවය හොඳින් පවත්වන්න. හැම දිස්ත්‍රික්කයේම මේ වැඩසටහන් කරන්න, විශේෂයෙන්ම පන්සල්වලට ආධාර දෙන්න අපි මුදල් වෙන් කරලා තිබෙනවා. ඒ සමගම සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට දාන සහ පිංකම් පවත්වන්න අපි ප්‍රතිපාදන වෙන් කරලා තිබෙනවා. මිහින්තලේ පොසොන් කලාපය වෙනුවෙන් මුදල් වෙන් කරලා තිබෙනවා. ඒ සමගම සැරසිලි, දාන, ශීල, භාවනා වැඩසටහන් අපි රට පුරා ක්‍රියාත්මක කරනවා. 

ඒ වගේම සෑම ජාතික පාසලකම ශීල ව්‍යාපාරයක් පවත්වනවා. මෙවැනි වැඩසටහන් ගණනාවක් සංවිධානය කරලා තිබෙනවා. අපි මේවා දියත් කරන්න ඕනෑ. අපි පෙන්නන්න ඕනෑ අපි මෙවැනි වැඩකටයුතු කරන්න බය නැහැ කියලා. අපිට ඒ ආත්ම ශක්තිය තිබෙනවා. මිහිඳු මහ රහතන් වහන්සේ බුදු සමය ලංකාවට ගෙන ආ මේ පොසොන් පොහොය තමයි ලංකාවේ සිංහල බෞද්ධයන්ට තිබෙන වැදගත්ම උත්සවයයි. එබැවින් මේ පොහොය අවස්ථාවේදී භේද ඇති කරන්නට අපි කිසිවෙකුටත් ඉඩ දෙන්න හොඳ නැහැ. අප වැඩ කළ යුත්තේ සියළු දෙනාම එකතු කරන ආකාරයටයි. ඒ නිසා පොසොන් පෝයට මුල්තැන දී එය ඉතාම හොඳින් සංවිධානය කරන ලෙස මම ඉල්ලා සිටිනවා.”
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu