gossiplanka alexa කිරින්ද මුහුදට බිළිවූ සැමියා සහ දියණියන් දෙදෙනා අතරට එක් වූ හසිනි - Update

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කිරින්ද මුහුදට බිළිවූ සැමියා සහ දියණියන් දෙදෙනා අතරට එක් වූ හසිනි - Update

කිරින්ද මුහුදේ රළ පෑඟීමට ගොස් මුහුදට බිලි වූ පියා සහ දියණියන් දෙදෙනාගේ අවසන් කටයුතු පසුගිය 25 වනදා සිදු කෙරුණා. ඒ වන විටත් දියණියන් දෙදෙනාගේ මව ද මෙම අනතුරට මුහුණ දී අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ පසු වූවා.

එසේ  අසාධ්‍යය තත්ත්වයේ කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දෙදරු මව ඊයේ (29) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

මෙලෙස මියගියේ හැටන් සාත්තු නිවාස පාරේ පදිංචිව සිටි හසිනි විජේසුරිය මහත්මියයි.

දියේ ගිලීමෙන් අසාධ්‍යය තත්ත්වයේ සිටි නිසා තිස්සමහරාම රෝහලේ සිට අම්පාර මුලික රෝහල වෙත මාරු කර යවා එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි හසිනි විජේසුරිය මහත්මියගේ ඥාතින් විසින් ඇයව කොලඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන විත් ඇතුලත් කර තිබුණා.

දින 6ක කාලයක් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූ හසිනි විජේසුරිය මහත්මිය ඊයේ රාත්‍රීයේ මෙලොව හැර ගියා. 

https://www.gossiplanka.com/2019/06/3-deaths-in-Kirinda-sea.html
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu