gossiplanka alexa සැක කටයුතු සිසේරියන් සැත්කම් සිදු කළ බවට බදුල්ල රෝහලට ද පැමිණිලි, හිල්මි සාලි වෛද්‍යවරයා සැක කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සැක කටයුතු සිසේරියන් සැත්කම් සිදු කළ බවට බදුල්ල රෝහලට ද පැමිණිලි, හිල්මි සාලි වෛද්‍යවරයා සැක කෙරේ

සැක කටයුතු සිසේරියන් සැත්කම් සිදුකළ බවට චෝදනාවට ලක්ව සිටින වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි  අත් අඩංගුවට ගැනීමත් සමඟම
ඔහුට එරෙහිව පැමිණිලි බොහෝ ප්‍රමාණයක් ලැබෙමින් තිබෙනවා. මේ අතර පේරාදෙණිය රෝහලේද මෙවැනි සැක කටයුතු සැත්කම් සිදු කර ඇති බවට පැමිණිලි ලැබුණා.

නවතම වාර්තා වලට අනුව සැක කටයුතු සිසේරියන් සැත්කම් සම්බන්ධයෙන් බදුල්ල මහ රෝහලටද පැමිණිලි ලැබී තිබෙන බව සඳහන්.  හිල්මි සාලි නමැති වෛද්‍යවරයෙකු විසින් සිදු කරන ලද සිසේරියන් සැත්කම් වලින් පසු තමන්ට දරු උපත් නැති වූ බවට පැමිණිලි කරමින් පස්සර සහ ඇල්ල ප‍්‍රදේශවල කාන්තාවන් දෙදෙනෙකු බදුල්ල මහ රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත  ඊයේ (31) පස්වරුවේ පැමිණිලි ඉදිරිපත් කළා. 

මේ අතර සැක කටයුතු සිසේරියන් සැත්කම් සිදුකළ බවට චෝදනාවට ලක්ව සිටින වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරනවා. කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාගෙන් ඊට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශයක්ද ලබාගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu