gossiplanka alexa බුර්කා‍ව, නිකාබය එක්වරම ඉවත්කිරීම නිරුවතින් පාරේ යනවා වගේලු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බුර්කා‍ව, නිකාබය එක්වරම ඉවත්කිරීම නිරුවතින් පාරේ යනවා වගේලු

මේ දිනවල රටේ පවතින තත්වය හේතුවෙන් ජාතික ආරක්ෂව උදෙසා මුහුණු ආවරණ පැළඳීම තහනම් කරමින් පසුගියදා රජය ගැසට් නිවේදනයක් නිකුත් කළද එම නීතියටද අභියෝග කරමින් ඇතැම් මුස්ලිම් කාන්තාවන් කටයුතු කරන ආකාරය ඡායාරූප මඟින් සමාජ මාධ්‍ය හරහා දක්නට ලැබෙනවා.

රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් පැනවූ මෙම නීතියට පටහැනිව ක්‍රියාකරන ඇතැම් මුස්ලිම් කාන්තාවන් පවසා තිබෙන්නේ ඔවුන් බොහෝ කාලයක් තිස්සේ මුහුණු වසාගෙන මාර්ගවල ගමන් කළ නිසා මුහුණ නිරාවරණය කරගෙන යෑමේදී යම් අපහසුවක් දැනෙන බවත් එක්වරම බුර්කා‍ව,නිකාබය වැනි පලඳනාවලින් ඉවත්වීමට නොහැකි බවත්, වසර ගණනාවක් තිස්සේ මුහුණ වසාගෙන ගොස් එක් වරම මුහුණ නිරාවරණය කරගෙන යාම නිරුවතින් පාරේ යනවා වගේ යනුවෙන් බවත්ය.

මෙම හේතූන් නිසා බුර්කාව හා නිකාබය නොමැතිව කටයුතු කිරීමට හුරුවෙන්න එම කාන්තාවන්ට ටික කලක් ගත වන බවත් එය වරදක් ලෙස නොසැලකිය යුතු බවත් මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ එම්.ආර්.එම්.මලික් මහතා සඳහන් කරනවා. කෙසේ නමුත් රජය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයට අනුව මුහුණු ආවරණ තහනම් කරමින් කටයුතු කරන ලෙස සියලුම මුස්ලිම් කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින අතර රජය පනවන ඕනෑම නීතියකට අවනතවීමට මුස්ලිම් සමාජය සූදානම් බවද එම මහතා පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu