gossiplanka alexa මෙවැනි ත්‍රස්ත ප්‍රහාර වෙනත් රටවලත් සිදු වී තිබෙනවා - රවී කරුණානායක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෙවැනි ත්‍රස්ත ප්‍රහාර වෙනත් රටවලත් සිදු වී තිබෙනවා - රවී කරුණානායක

වසීලන්තය, ප්‍රංශය, ඇමෙරිකාව, එංගලන්තය වැනි රටවල මෙවැනි ත්‍රස්ත ක්‍රියා සිදුවෙද්දී ශ්‍රී ලංකාව පමණක් මෙවැනි දේ නොමැති හුදෙකලා රටක් නොවන බව විදුලි බල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමති රවී කරුණානායක පවසයි.

පොලිස්පති නිසි පරිදි සිය රාජකාරිය ඉටු කළා නම් මෙවැනි විනාශකාරී කටයුක්තක් සිදු නොවීමට තිබුණු බවද ඇමතිවරයා පැවසුවේය. රවී කරුණානායක මහතා එසේ පැවසුවේ ලලිත් ඇතුලත්මුදලි සමරු පනම් කේන්ද්‍රයේ පසුගිය 23දා පවතී දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 26 වැනි ගුණානුස්මරණ පින්කමට සහභාගී වෙමිනි.

එහිදී එම මහතා මෙසේද පැවසීය. 
ආණ්ඩුවක්ලෙස මේ ප්‍රහාරය සම්බන්ධයෙන් තරාතිරම නොබලා කටයුතු කරනවා. ගතයුතු තීරණ නිර්භවය ගැනීමට කටයුතු කරනවා. කුමන අවස්ථාවේ, කුමන ආකාරයකින් ත්‍රස්ත ප්‍රහාර එල්ල වේද යන්න කිව නොහැකියි.සමස්ත ලෝකයේම මෙවැනි ත්‍රස්තක්‍රියා සිදු වෙනවා. මෙය අපේ රටේ පමණක් වූ දෙයක් නොවෙයි. අන්තවාදීව ස්තමින් කරන කටයුතු පසෙකලා පාට පක්ෂ භේද නොසලකා එකමුතු වී නැවත මෙවන් සාපරාධි ක්‍රියාවන් නොවීමට වගබලාගත යුතුයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu