gossiplanka alexa ත්‍රස්ත ප්‍රහාරය පිලිබඳ තොරතුරු කලින් ලැබී තිබිලත් කටයුතු නොකළේ ඇයි දැයි සොයා බලනවා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ත්‍රස්ත ප්‍රහාරය පිලිබඳ තොරතුරු කලින් ලැබී තිබිලත් කටයුතු නොකළේ ඇයි දැයි සොයා බලනවා


ඊයේ (21දා) සිදු වූ අවාසනාවන්ත සිද්ධිය පිළිබඳව මා දන සිටියේ නැහැ. මේ පිළිබඳව තොරතුරු කලින් ලැබී තිබුනා නම්, ඒ පිළිබඳව කටයුතු නොකිරීම ගැන කණගාටු වනවා. එසේ කටයුතු නොකළේ ඇයි දැයි සොයා බලනවා" යැයි අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ රාත්‍රී පවතී මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.


මේ සිද්ධිය වාර්තා වූ වහාම අගමැතිවරයා හැටියට, රටේ අස්ථාවර භාවයක් ඇති නොවීමට වහා පියවර ගත්තා. රටේ ත්‍රස්ස්තවාදය ඇතිවීමට කිසිම ඉඩක්  බැහැ ."
"|මම ජනාධිපතිතුමා සමඟ සාකච්චා කර ඇඳිරිනීතිය ක්‍රියාත්මක කළා.  සෞඛ්‍ය ඇමතිතුමා සමඟ සාකච්චා කර, රෝහල්වලින් සිදු විය යුතු කටයුතු සිදු කිරීමට කටයුතු කළා. අධ්‍යාපන ඇමතිතුමා සමඟ සාකච්චා කර පාසල් දින දෙකක් නිවාඩු දීමට කටයුතු කළා. උසස් අධ්‍යාපන ඇමතිතුමා සමඟ සාකච්චා කරලා විශ්වවිද්‍යාලවලට නිවාඩු ලබා දුන්නා.

විපක්ෂ නායකතුමාට, ටී.එන්.ඒ නායකතුමා සුමන්තීරන් මන්ත්‍රීතුමාට දුරකථනය මගින් කතා කළා. මේ සිද්ධියෙන් මිය ගිය යට යට වන්දි ලබා දීමට කටයුතු කරනවා. පිපිරීම් වලින්  අලහභානීවූ දේවස්ථාන යළි ගොඩනැංවීමට කටයුතු කරනාවා. මැල්කම් රංජිත් හිමිපාණන් හමුවී සිද්ධිය සම්බන්ධයෙන් සාකච්චා කළා.සියලුම මහනායක හිමිපාණන් සමඟ දුරකතන මගින් මේ සම්බන්ධයෙන් මම සාකච්චා කළා. උන්වහන්සේලා මේ සම්බන්ධයෙන් දිය හැකි සෑම සහායක්ම ලබා දෙන බව ප්‍රකාශ කළා.

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා සිද්ධිය සම්බන්ධයෙන් කම්පාවී ත්‍රස්තවාදයට එරෙහිව ඕනෑම පියවරක් ගැනීමට පොරොන්දු වුණා. මෙම ප්‍රහාරයට විදේශ සම්බන්ධාතා ඇත්නම් ඒ ගැන සොයන්න විදේශ පොලිස් සහාය අපට අවශ්‍ය වෙනවා. මේ ප්‍රහාරය නිසා මිනිස් ජිවිත දෙසීයක් පමණ විනාශ වුනා.  විදේශීය සංචාරකයන් ගණනාවක් මිය ගොස් තිබෙනවා. රට අස්ථාවර භාවයට පත් වීමට ඉඩ නොදී කටයුතු කිරීමට අවශ්‍යයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටිනවා. මොවුන් පරිහරණය කරපු නිවාස ගණනාවක් හඳුනාගෙන තිබෙනවා . සිද්ධිය සම්බන්ධයෙන් සියලු දෙනාට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා. අසත්‍ය ප්‍රචාර යවමින් මහජනතාව නිතිය අතට ගෙන කටයුතු කලොත් තවත් ප්‍රශ්න ඇති වීමට ඉඩ තිබෙනවා. මේ දුෂ්කර අවස්ථාවේ සාමය ආරක්ෂා කිරීමට කැපවුණු සියලු දෙනාට ස්තූති කරනවා.

රට අස්ථාවර කරන්න යම් කිසි කණ්ඩායමක් ක්‍රියා කරන්නේ නම් විදේශ රටවල සහාය ලබාගෙන එවැනි ත්‍රස්තවාදී ක්‍රියා මැඩ පවත්වන්න ක්‍රියා කරනාවා. සාමය හා සමඟිය ඇති කිරීමට ඔබ සැමගේම සහයෝගය ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu