gossiplanka alexa රජයේ ලොකු පුටු 5ක් වෙනස් වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රජයේ ලොකු පුටු 5ක් වෙනස් වෙයි

යේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පිලිස්පති සී.ඩී  වික්‍රමරත්න මහතා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත් කොට තිබේ.

තවද ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශවරයෙකු වශයෙන් හිටපු පොලිස්පති එන්.කේ  ඉලංගකෝන් මහතාද ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මේ අතර නව අගවිනිසුරුවරයා වශයෙන් ජයන්ත ජයසූරිය මහතා ඊයේ (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දුන්නේය.

මේ අතර සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ලිවේරා මහතා වැඩ බලන නීතිපතිවරයා ලෙසත් අතිරේක විගණකාධිපති චුලන්ත වික්‍රමරත්න මහතා නව විගණකාධිපතිවරයා ලෙසත් පත් කරනු ලැබීය.

අදාළ සියලු පත්වීම්ලාභීන් ඊයේ (29) ජනාධිපතිවරයා අතින් ඊට අදාළ පත්වීම් ලිපි ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.


වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පිලිස්පති සී.ඩී  වික්‍රමරත්න මහතා ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ගත් අවස්ථාව.


නව විගණකාධිපති ලෙස චුලන්ත වික්‍රමරත්න මහතා ජනපති අතින් සිය පත්වීම් ලිපිය ලබාගත් අවස්ථාව.


සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස සිය පත්වීම් ලිපිය ජනාධිපති අතින් ලබාගත් අවස්ථාව.


ජයන්ත ජයසූරිය මහතා නව අගවිනිසුරුවරයා ලෙස සිය පත්වීම් ලිපිය ලබාගත් අවස්ථාව.


හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශවරයෙකු ලෙස ජනපති අතින් සිය පත්වීම් ලිපිය ලබාගත් අවස්ථාව.


නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා ජනපති අතින් සිය පත්වීම් ලිපිය ලබාගත් අවස්ථාව.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu