gossiplanka alexa මෛත්‍රී මහින්ද එක්වෙයි, සන්ධාන ආණ්ඩුවක් ස්ථිරයි, රටම බලා සිටි විසඳුම මෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෛත්‍රී මහින්ද එක්වෙයි, සන්ධාන ආණ්ඩුවක් ස්ථිරයි, රටම බලා සිටි විසඳුම මෙන්න



මෛත්‍රී මහින්ද එක්වෙයි, සන්ධාන ආණ්ඩුවක් ස්ථිරයි, 
රටම බලා සිටි විසඳුම 

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා අගමැති ධුරය හිමිකර ගැනීමට මේ වනවිට එක්‌සත් ජාතික පක්‌ෂයත්, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයත් දැඩි සටනක නිරත වී සිටින අතර වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිගටම අගමැති ධුරයේ සිටිය යුතු බව එජාපයේ ඇතැමුන් පවසන අතර තවත් පිරිසක්‌ පවසන්නේ අගමැති ධුරය කරු ජයසූරිය වෙත ලබාදිය යුතු බවය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයෙන් අගමැති සටනට එක්‌ව සිටින්නේ නිමල් සිරිපාල ඇමැතිවරයාය.

කෙසේ වෙතත් ශ්‍රී.ල.නි.ප.ය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුවේ 113ක බහුතරයක් පෙන්වීමට පසුගිය 15දා රාත්‍රිය වනවිටත් හැකියාවක් නොතිබූ බව වාර්තා වේ. මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක් පිහිටුවීම සදහා කැමැත්ත ලිඛිතව ඉල්ලා ඇති අතර ඔවුන් එය ලිඛිතව ලබාදීම ප්‍රතික්ෂේප කිරීම මේ අර්බුදයට හේතුව වී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ශ්‍රීලංකා නිදහස් පක්ෂයට දන්වා ඇත්තේ 113ක බහුතර බලය පෙන්වන පුද්ගලයාට අග්‍රාමාත්‍ය ධුරය සහිත ආණ්ඩුව පිහිටුවීමට ඔහුගේ අනුමැතිය හා සහාය ලබාදෙන බවයි.මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික සංවිධායක, අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත ඊයේ (16) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී ඇත. ඒ, හිටපු ජනාධිපතිවරයාගේ විජයරාමයේ පිහිටි නිල නිවසේදීයි.

මෙම සාකච්ඡාවේ ප‍්‍රධාන අරමුණ වී ඇත්තේ ජනාධිපතිවරයා හා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් අතර හමුවකට ඇති ඉඩ ප‍්‍රස්තාව පිළිබඳ දැනුම් දීමටයි.
මේ වන විට වාර්තා වන තොරතුරු අනුව දෙපාර්ශවයම සන්ධාන ආණ්ඩුවක් සඳහා කැමැත්ත පළකර ඇති බව වාර්තාවෙයි.එහි අගමැතිධූරය නිමල් සිරිපාල සිල්වාට හිමිවනු ඇත.ලබන වසරේ ජනවාරි මාසය දක්වා එම ආණ්ඩුව පවත්වාගෙන ගොස්  මහ මැතිවරණයක් පැවැත්වීමට ඔවුන්ගේ එකඟතාව පළව ී තිබේ.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් කණ්ඩායමක් ජනාධිපතිවරයා මුණගැසීමට දැන් ජනපති නිල නිවසට ගොස් ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන අතර මේ අතර වත්මන් දේශපාලන තත්වය පිළිබඳ විදෙස් රාජ්‍ය තාන්ත‍්‍රිකයින් පිරිසක් ජනාධිපතිවරයා වෙත සිය ස්ථාවරය ප‍්‍රකාශයට පත් කර තිබේ. එහිදී ඔවුන් පවසා ඇත්තේ සිය අභිමතය කටයුතු කිරීමට ජනාධිපතිවරයාට සහය දක්වන බවයි. එසේම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 23දෙනෙකු ඉන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇති බවද දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu