gossiplanka alexa ශ්‍රී ලංකාවේ පාසික්‌ට ජාත්‍යන්තර වූෂු විනිශ්චයට ආරාධනයක්‌

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවේ පාසික්‌ට ජාත්‍යන්තර වූෂු විනිශ්චයට ආරාධනයක්‌

ශ්‍රී ලංකා වූෂු විනිසුරු කවුන්සිලයේ සාමාජික, අන්තර්ජාතික වූෂු විනිසුරු හා තරග තීරක මොහොමඩ් පාසික්‌ මොහොමඩ් මන්සූර්හට අසර්බයිජානයේ බාකු නුවර පැවැත්වීමට නියමිත ක්‍රීඩා උළෙලක වූෂු තරගාවලියේ සන්දා (ද්වන්ධ සටන්) අංශයේ අන්තර්ජාතික තාක්‍ෂණික විනිසුරුවරයකු ලෙස කටයුතු කිරීමට තේරී පත් වී සිටී. මෙම තරගාවලිය මැයි මස 12 වැනි දින සිට 22 දින දක්‌වා බාකු නුවරදී පැවැත්වේ.

අන්තර්ජාතික වූෂු සම්මේලනයේ තාක්‍ෂණික කමිටුව විසින් මෙම තරගාවලිය සඳහා අන්තර්ජාතික තාක්‍ෂණික නිලධාරීන් නම් කරනු ලබන අතර දැනට අන්තර්ජාතික වූෂු සම්මේලනයේ 'විශේෂිත ආරාධිත විනිසුරු මඩුල්ලේ' විනිසුරුවරයකු ලෙස වසර 2002 සිට කටයුතු කරන අන්තර්ජාතික වූෂු විනිසුරුහා තරග තීරක (ඒ ශ්‍රේණිය) මෙන්ම අන්තර්ජාතික වූෂු සම්මේලනයේ අලෙවි හා තාක්‍ෂනික කමිටු සාමාජික ධුරය ද හොබවන මානෙල් ධර්මකීර්ති මහතා අන්තර්ජාතික වූෂු සම්මේලනයේ තාක්‍ෂනික කමිටු සභාපති වෙන් ගුවෝරා මහතාගෙන් කරන ලද විශේෂ ඉල්ලීමක්‌ මත පාසික්‌ මෙම තරගාවලිය සඳහා තෝරා ගනු ලැබීය.

නිට්‌ටඹුව සංඝබෝධි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන මොහොමඩ් පාසික්‌ සීµq නිශාන්ත පතිරාජ යටතේ දිගු කලක්‌ වූෂු ක්‍රීඩකයකු ලෙස ද, 2005 වසරේ  සිට ජාතික වූෂු විනිසුරුවරයකු ලෙස ද කටයුතු කර ඇති පළපුරුදු හා දක්‍ෂ විනිසුරුවරයෙකි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu