gossiplanka alexa ප්‍රවීණ ගායක දයාන් විතාරණ පදික වේදිකාවේ සිංදු කියපු හැටි - Photos

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රවීණ ගායක දයාන් විතාරණ පදික වේදිකාවේ සිංදු කියපු හැටි - Photos





ප්‍රවීණ ගායක දයාන් විතාරණ පදික වේදිකාවේ
සිංදු කියපු හැටි
(Photos)

අප රටේ ප්‍රවීණ ගායකයෙකු වන දයාන් විතාරණ විසින් සිදුකරනු ලැබූ දෙයක් මේ වනවිට ෆේස්බුක් තුළ හුවමාරු වෙමින් පවතිනවා. ඒ ඔහු පදික වේදීකාවේ බිම ඉඳගෙන ගීත ගැයීමයි. ඒ පිළිබඳව ඔහු මෙවැනි සටහනක් ෆේස්බුක් තුළ තබා තිබුණා. මිහිරි හඬක් හිමි නම් හොඳින් ගීත ගායනා කළ හැකි නම්
ඔහුත් ගායකයෙක් නොවේද... පසුගිය දිනවල මා නුවර එළියේ සංචාරයක යෙදෙද්දී නගරයේ පදික වේදිකාවේ මට මිහිරි ගී හඬක් ඇසිනි. විමසිළිමත්ව බලද්දී ඩොලැක්කයකට තාල තබමින් අතේ ගෙජ්ජි පැළඳ පොතක් දිහා බලමින් වට පිට නොබළමින් ගීත ගයන ඔහු මගේ නෙත ගැටුනි.

හින්දි ගීතයද ඊට අනතුරුව එහි සිංහල ගීතයද ගයමින් සිටි ඔහුගේ හඬ පෞරුෂය ඉතා ඉහළය. සෘතියටද ඔහු ගී ගයයි. බොහෝ වයස් ගතවූ ඔහු ගීත පොතේ වචන බළමින්ම ගීත ගයන නිසා වට පිට නොබළයි. මා එතන ඉඳ ගත්තේ ඔහුට ගෞරවයක් වශයෙනි. ඔහු සමග එකතුවී මමද ගී ගැයුවා. මා හඳුනා ගත් ආ ගිය පිරිස්ද වටවී ගීත රස වින්දා. ගීතය අවසන්වූ කල ඔහු මා දිහා බැලුවා. මා මගේ නම කීවත් ඔහු මා හැඳින ගත්තේ නැහැ. එනමුත් මගේ ජනප්‍රිය ගීත ඛණ්ඩ කිහිපයක් මා ගායනා කරද්දී ඔහු ඒවා අසා ඇති බව පැවසුවා. ඔහුට මෙන්ම මටද මුදල් ලැබුනා. මා ඒවා ඔහුට පරිත්‍යාග කළා. මට එහිදී පසක් වුයේ කොයි තරම් හොඳට ගී ගැයුවද ඔහු අදත් මාවතේ බවයි. ඇතැම් ගායකයන් ප්‍රසංග සඳහා ලක්ෂ ගණනින් මුදල් අය කරද්දී ඊට නොදෙවෙනි හඬක් හිමි ඔහු අදත් පදික වේදිකාවේ බවයි. ජීවිතය යනු මෙය නොවේද. අවසන අප සියළු දෙනා සාමාන්‍ය මිනිසුන් පමණක් නොවේද. ජීවිතයේ යතාර්ථය මෙයයි ....”





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu