gossiplanka alexa පන්නිපිටියේ බෝගස කැපීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්‌

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පන්නිපිටියේ බෝගස කැපීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්‌



පන්නිපිටියේ බෝගස කැපීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්‌
විනිසුරු මඬුල්ල ලබන මැයි 9 වනදා

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් වසර 400 කට අධික කාලයක්‌ පැරැණි පන්නිපිටිය බෝගස කපා දැමීමට ගෙන ඇති තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (06 දා) අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරු විසින් විනිසුරු මඬුල්ල ලබන මැයි 9 වනදා දක්‌වා බලපැවැත්වෙන
පරිදි එම අතුරු තහනම් නියෝගය මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත නිකුත් කර ඇත.

වේරදුවේ සිරිජෝති හිමියන් ඇතුළු ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු විසින් ගොනුකර තිබූ එම පෙත්සම ඊයේ කැඳවූ අතර පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ වගඋත්තරකරුවන්ගේ ක්‍රියා කලාපය නිසා තම සේවාදායකන්ගේ මූලික අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝණය වන බව කරුණු දක්‌වමින් සඳහන් කළේය.

ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් බෞද්ධාගමට ප්‍රමුඛස්‌ථානය ලබාදී එය සුරකින බවට සහතික කොට තිබියදීත් වසර ගණනාවක්‌ තිස්‌සේ ප්‍රදේශවාසීන් වන්දනාමාන කළ ආගමික සංකේතයක්‌ වන බෝගසක්‌ කපා දැමීමට බලධාරීන් ගත් තීරණය ඉතා අනුවණ තීරණයක්‌ බවත් කොළඹ - අවිස්‌සාවේල්ල මාර්ගය පුළුල් කිරීම සඳහා පන්නිපිටිය බෝගස කපා දැමීමට තීරණය කොට ඇතත්, එය නොකපා මාර්ගය පුළුල් කිරීමේ හැකියාව ඕනෑ තරම් පවතින්නේ යෑයිද එම පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබුණි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu