gossiplanka alexa යසෝදරා බාලිකාවට බලෙන් ඇතුළු වුන මහානාම බිග්මැච් සිසුන් ඇතුලේ හිරවෙලා කලබලයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යසෝදරා බාලිකාවට බලෙන් ඇතුළු වුන මහානාම බිග්මැච් සිසුන් ඇතුලේ හිරවෙලා කලබලයක්



යසෝදරා බාලිකාවට බලෙන් ඇතුළු වුන මහානාම බිග්මැච් සිසුන්
ඇතුලේ හිරවෙලා කලබලයක්

කොළඹ මහානාම විද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ කොළඹ යසෝදරා බාලිකා විද්‍යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානි කර ගුරුවරුන්ටද පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහානාම විදුහලේ එක් සිසුවකු කුරුඳුවත්ත පොලිසිය මගින් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (21) උදෑසන 10.30ට පමණ පාසල් විවේකය අවස්ථාවේ

මෙම සිද්ධිය සිදුවී ඇති අතර මහානාම සිසුහු සිය ක‍්‍රිකට් තරගය වෙනුවෙන් පවත්වන ලද රථ පෙළපාළියක ගමන් කරන අතරතුර මෙලෙස යසෝදරා බාලිකා විද්‍යලයට ඇතුළු වී ඇත. මෙහිදී මෙම සිසුහු මුලින්ම පාසල වටා ගමන් කරමින් සම්පූර්ණ පාසලම වීඩියෝ කිරීමට පියවර ගෙන ඇති අතර පසුව පාසලට ඇතුළු වී ඇත.  මුලින්ම සිසුන් පාසල ඉදිරිපිට සවිකර ඇති දැන්වීම් පුවරුවට හානි කිරීමට පියවර ගෙන ඇත. ඉන් පසුව ප‍්‍රධාන මුර කුටියට හානි කිරීමෙන් පසුව බලහත්කාරයෙන් ප‍්‍රධාන දොරටුවෙන් පාසලට ඇතුල් වී ඇත. මහා ගැටුමකට මෙන් ගඩොල් කැබලි පොලූ ආදියෙන් සන්නද්ධව පැමිණ ඇති පිරිස මුළු පාසල් වත්ත පුරා දිව ගොස් ඇත. මෙහිදි වහා ක‍්‍රියාත්මක වූ ගුරුවරුන් සිසුන්ගේ මෙම ක‍්‍රියාව පාලනය කිරීමට උත්සාහ දැරීමේදී ගුරුවරුන්ට හා ආරක්ෂක අංශයට පහර දීමට පියවර ගෙන තිබේ. මෙහිදි එක් පියෙකුගේ අත සපා කා තුවාල කිරීමට ද මහානාම සිසුන් ක‍්‍රියා කර ඇත.
සිසුන් දෙදෙනකු යසෝධරා විදුහලේ ගුරුවරුන් විසින් අල්ලාගෙන ඇති අතර එක් සිසුවෙකු විදුහල්පතිතුමියගේ කාර්යාලයේ රඳවාගෙන තිබේ. එළිමහනේ රඳවාගෙන සිටි සිසුවා රැගෙන යාමට යළිත් මෙම පිරිස පැමිණ ඇත්තේ පාසල් තාප්පයෙන් ඇතුළු වෙමිනි. මෙහිදි යළි ගැටුමක් සිදු වුවද සිසුන් පලවා හැරීමට හැකියාව ලැබී ඇත. මෙහිදී එක් ගුරුවරයකුට බිම පෙරළා පහර දීමට පවා ප‍්‍රහාරයට පැමිණි සිසුන් පියවර ගෙන ඇත. පසුව පිරිස පාසල තුළට ගල් මුල් ප‍්‍රහාරයක්ද එල්ල කර තිබේ. අල්ලා ගත් සිසුවා කුරුඳුවත්ත පොලිසියට භාර දීමට යසෝදරා විදුහල පියවර ගෙන තිබුණා.

මෙම සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූවන්,
යසෝදරා බාලිකාවේ විදුහල්පතිනිය පී. නිලූකා සමන්කුමාරි මහත්මිය
මේක නිකම් සුනාමියක් ආවා වගේ දෙයක්. විනාඩි තුනක පමණ මහා කලබැගෑනියක් සිද්ධ වුණේ. මේ ළමයි සේරම හිටියේ කළු ඇඳලා. පොලූ අරගෙන ගල් අරගෙන යුද්දෙකට යනවා වගේ ආවේ. අපට සිද්ධවෙන දේ ගැන හිතා ගන්න බැරුව හිටියේ. ළමයි එකපාරටම ඇතුළට ඇවිල්ලා පාසල් වත්ත පූරාම දිව්වා. අපට හැකියාව ලැබුණා අපේ දරුවන්ව පන්ති කාමරවලම රඳවලා තියාගන්න. එ් වගේම අපට ඉන්නේ පිරිමි ගුරුවරු පස්දෙනයි. එ් පස්දෙනාම මේ සිද්ධියේදී ඉදිරිපත් වුණා. ගුරුවරියන් සියලූ දෙනාමත් උපරිම දායකත්වය දුන්නා සිද්ධිය සමථයකට පත් කරන්න. අපි මෙහිදී පහර දීමට ආපු දරුවන්ට පහර දෙන්න උත්සාහ කළේ නෑ. අපේ භාරයට පත් වූ සිසුවාට හෝ අපි කිසිම ශාරීරික හෝ වාචික හිංසාවක් කළේ නෑ.
මේ සමහර දරුවෝ හිටියේ බීමත්ව. ඇත්තටම අපේ අනාගත පරපුර මේ හැසිරෙන විදිහ දැක්කම අපට හරිම කනගාටුයි. ක‍්‍රිකට් තරග කාලයට අපේ පිරිමි පාසල්වල දරුවො මේ විදිහට නම් හැසිරෙන්නේ අපි කොහොමද කාන්තා පාසල් බිය නැතිව පවත්වාගෙන යන්නේ? අපේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව සහතිකයක් දෙන්නේ? මේ සිද්ධියේදී අපට පුළුවන් වුණා අපේ දරුවෙකුට හීරීමක්වත් වෙන්න නොදී බලා ගන්න.
මම කියන්නේ මේ වගේ සිද්ධිවලදි වැරදි විදිහට හැසිරෙන දරුවන්ට උපරිම දඬුවම් දෙන්න වගකිව යුතු සියලූ දෙනාගේ අවධානය යොමු කළ යුතු බවයි.

විදුහල් ආරක්ෂක අංශ නිලධාරියෙක්
සිද්ධිය වුණේ උදේ 10.30ට පමණ. එකපාරටම ආරක්ෂක කුටියේ කවුළුවට පහරක් වැදුණා. මම බැලූවා කවුද කියලා. එත් එක්කම සිසුන් කීප දෙනෙක් ගේට්ටුව ඇරගෙන ඇතුළට ආවා. මම වහාම ගේට්ටුව වැහුවා. ඒත් මෙම රථ පෙළපාළිය පිටුපසින් ආපු පොලිස් කාරයක් තිබුණා. එහි හිටපු නිලධාරියෙක් බැහැලා ඇවිල්ලා එක පාරටම ගේට්ටුව ඇරියා. එතකොට අර ළමයි සේරම පාසල ඇතුළට ආවා. මේ සේරම සිද්ධි වෙනතුරු අර පොලිස් නිලධාරීන් බලාගෙන හිටියා යැයි පැවසුවේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu