gossiplanka alexa නිරෝධායනයෙන් පුද්ගලයින් නිදහස් කරන ආකාරය පිළිබඳව නවතම චක්‍රලේඛයක් නිකුත් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිරෝධායනයෙන් පුද්ගලයින් නිදහස් කරන ආකාරය පිළිබඳව නවතම චක්‍රලේඛයක් නිකුත් කෙරේ

කොරෝනා වෛරසය ආසාදිතයින් හා ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් නිරෝධායනයෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඊයේ (07) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව, නිවෙස්වල නිරෝධායනයේ පසුවන සෞඛ්‍ය සේවාවන් හි හෝ රජයේ අත්‍යාවශ්‍ය සේවාවක නිරත කොවිඩ් රෝගීන් ආසාදිත වී දින දහයකට (10) ට පසු රෝගී ලක්ෂණ හෝ ඖෂධයක් නොමැති උණ නොපෙන්වන්නේ නම් කොවිඩ් පරීක්ෂාවකින් තොරව ඔවුන් නිරෝධායනයෙන් නිදහස් කිරීමට හැකියාව පවතිනවා. 

එසේම අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවන් හි නිරත පූර්ණ එන්නත්කරණය ලැබූ සමීප ආශ්‍රිතයන් දින දහයකින් (10) සිදු කරන කොවිඩ් පරීක්ෂාවකින් පසු රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම් නිරෝධානයනයෙන් නිදහස් කිරීමට හැකියාව තිබෙනවා. 

සත්කාරක සේවාවන් හි නිරත සෞඛ්‍ය සේවා අංශවල නිලධාරීන්ට දින තුනේ දී, හතේ දී හා දහය යන දිනවල සිදු කරන කොවිඩ් පරීක්ෂාවක් මඟින් අඛණ්ඩව සේවයෙහි නිරත වීමට හැකියාව පවතිනවා. අනෙකුත් සමීප ආශ්‍රිතයින් දින දාහතරකට (14) පසු රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම් කොවිඩ් පරීක්ෂාවකින් තොරව නිරෝධායනයෙන් නිදහස් කල හැකි බවද එම චක්‍රලේඛයේ සඳහන්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu