gossiplanka alexa එකම පක්ෂයේ අපේක්ෂකයින් භේද කිරිමේ කූට උපක්‍රමයක් ගැන හෙළිදරව්වක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එකම පක්ෂයේ අපේක්ෂකයින් භේද කිරිමේ කූට උපක්‍රමයක් ගැන හෙළිදරව්වක්

පාර්ලිමේන්තු මහ මැතිවරණය ළඟා වෙත්ම මැතිවරණ උණුසුම ඉහළ යාමක් දකින්න ලැබෙනවා. මෙම උණුසුම හමුවේ ඇතැම් පිරිස් තම තමන්ගේ ලාභ ප්‍රයෝජනය උදෙසා නොයෙක් අකටයුතුකම් සිදු කිරීමත් බහුලව දක්නට ලැබෙන කාරණයක්. සමහරක් පිරිස් මැතිවරණයට ඉදිරිපත්වන එකම පක්ෂයේ අපේක්ෂකයින්ව භේද කරවීමට ගන්නේ නොමඳ උත්සාහයක්. ඒ තම තම පක්ෂයේ ප‍ටු දේශපාලන වාසි වෙනුවෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත්වන ප්‍රබල පොහොට්‍ටු අපේක්ෂකයින් දෙදෙනෙකු ද මේ ආකාරයෙන් භේද බින්න කිරීමට ඇතැම් පිරිස් උත්සාහා කර තිබෙන අයුරු දකින්න ලැබුණා. ඒ ප්‍රසන්න රණතුංග මහතා සහ වියත්මඟ වෙනුවෙන් කැපවූ නාලක ගොඩහේවා මහතා අතර ගැ‍ටුමක් ඇති කරවීමට ගත් උත්සාහයක්.

මෙම සිද්දියේ දී ප්‍රසන්න රණතුංග මහතාගේ එක්තරා පෝස්ටරයක් ඒ අයුරින්ම භාවිතා කරමින් නාලක ගොඩහේවා මහතාගේ එක්තරා සමාජ ජාලා ප්‍රචාරණයක පළ කර තිබූ බවට චෝදනාවක් මතු වුණා. නමුත් එම නිර්මාණිත පෝස්ටරය සඳහා නාලක ගොඩහේවා මහතාගේ හෝ ඔහුගේ ප්‍රචාරණ කටයුතු සිදුකරන කණ්ඩායමේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවයි වාර්තා වන්නේ. 

එසේම එම පෝස්ටරය උපයෝගී කර ගනිමින් ප්‍රසන්න රණතුංග මහතාගේ පාර්ශ්වයෙන් නාලක ගොඩහේවා මහතාට චෝදනා කරමින් නොයෙක් ප්‍රචාරණ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කලත් ඒ සඳහා ද ප්‍රසන්න රණතුංග මහතාගේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවත් පැවසෙනවා. එකම පක්ෂයේ අපේක්ෂකයින් භේදබින්න කිරීමට ගන්නා මෙවන් පහත් උත්සාහන් පිළිබඳ ජනතාව බුද්ධිමත්ව සිතා කටයුතු කළ යුතුයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu