gossiplanka alexa මෙවර ඇසළ පෙරහරේ දළඳා කරඬුව වැඩම කරවීම නැඳුන්ගමුවෙ හස්ති රාජයාට අහිමි වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෙවර ඇසළ පෙරහරේ දළඳා කරඬුව වැඩම කරවීම නැඳුන්ගමුවෙ හස්ති රාජයාට අහිමි වෙයි

සළ පෙරහර මංගල්‍යය සඳහා කප් සිටුවීම ලබන 2 වන දා සිදුකෙරෙන අතර, කුඹල් පෙරහර ලබන 5 වන දායින් ආරම්භ කරනවා. නමුත් නැඳුන්ගමුවේ රාජා හස්තියාට මෙවර ඇසළ පෙරහරේ දළඳා කරඬුව වැඩම කරවීම අහිමි වී තිබෙනවා. රාජා හස්තියා මඳ කිපීම හේතුවෙන්.  නැඳුන්ගමුවේ රාජා හස්තියා සහභාගි නොවන බව හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංගමය තහවුරු කර පවසනවා. 

ඒ හේතුවෙන් පෙර වසරවල ඇසල පෙරහර මංගල්‍යයේ දෑල ඇතුන් ලෙස යොදා  ගත් කතරගම වාසනා ඇතා සහ දළඳා මාලිගාවේ ඉන්දිරාජා ඇතා මෙවර දළඳා කරඬුව වැඩම කරවීම සඳහා  යොදා ගැනීමට මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල උපදෙස් ලබා දී තිබෙනවා. මෙවර දෑල ඇතුන් ලෙස දළඳා මාලිගාවේ සිංහරාජා හස්තියා සහ මියන්මාරයෙන් ගෙන ආ ඇතෙකු යොදා ගැනීමට නියමිතයි.

වර්තමානයේ මෙරට සිටින හීලෑ අලි ඇතුන් 105 දෙනා අතරින් මෙවර පෙරහර සඳහා යොදා ගැනීමට සුදුසු තත්ත්වයේ සිටින්නේ හිලෑ අලි ඇතුන් 70ක් පමණි.  එය පෙරහර කටයුතු සඳහා ප්‍රමාණවත් නොවන බවයි හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංගමයේ ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න පෙන්වා දෙන්නේ.

එමෙන්ම, දළදා පෙරහරට අලි ඇතුන් සම්බන්ධ කරගන්නා ආකාරය සම්බන්ධයෙන් පසුගිය 24 වන දින ශ්‍රී දළදා මාළිගාවේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හීලෑ අලි ඇතුන් සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් රජයෙන් ඉල්ලා සිටියේ  අධිකරණ නියෝග මත රඳවාගෙන සිටින අලි ඇතුන් වහා මුදාහරින ලෙසයි. 





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu