gossiplanka alexa රුපියල් 10කින් ත්‍රීරෝද රථ අවම ගාස්තුව ඉහළ යද්දි බස් ගාස්තුවටත් අද සිදුවන දේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුපියල් 10කින් ත්‍රීරෝද රථ අවම ගාස්තුව ඉහළ යද්දි බස් ගාස්තුවටත් අද සිදුවන දේ


ජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ත්‍රී රෝද රථ ගාස්තුවල මිල ගණන්ද ඉහළ නැංවීමට  තීරණය කර ඇති බව ත්‍රී රෝද රථ රියදුරන්ගේ සංගමය පවසයි. ඒ අනුව පළමු කිලෝමීටරයට රුපියල් 50 ක්ව පැවති ගාස්තුව අද (11දා) සිට රුපියල් 60 ක් වනු ඇති. මේ අතර ඩීසල් මිල වැඩි කිරීම නිසා බස්‌ ගාස්‌තු වැඩිකරනවාද නැද්ද යන්න අද (11දා) තීරණය කරන බව ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න ඊයේ (10දා) පැවැසීය.

ඩීසල් මිල වැඩි කිරීමේ ප්‍රතිශතය අනුව බස්‌ ගාස්‌තු වැඩිකරන ප්‍රමාණය සංගමයේ නිලධාරීන් විසින් අද පෙරවරුවේ සාකච්ඡා කර ඒ පිළිබඳ තීරණය ප්‍රකාශ කරන බවද හෙතෙම කීය. බස්‌ ගාස්‌තු වැඩිකිරීම සඳහා වාර්ෂිකව ක්‍රියාත්මක කරන ගාස්‌තු සංශෝධනය ජුලි මාසයේදී සිදුකිරීමට නියමිත බවත් එයද සැලකිල්ලට ගෙන බස්‌ ගාස්‌තු සම්බන්ධයෙන් අවසන් තීරණය අද ප්‍රකාශ කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu