gossiplanka alexa ඒඩ්ස් හැදුණා යැයි බියෙන් බැට කෑ සිසුවියට නව පාසලක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඒඩ්ස් හැදුණා යැයි බියෙන් බැට කෑ සිසුවියට නව පාසලක්



ඒඩ්ස් හැදුණා යැයි  බියෙන් 
බැට කෑ සිසුවියට 
නව පාසලක් 

පසුගිය කාලයේ  ඒඩ්ස් රෝගය වැළඳී ඇති බව පාසල් අධ්‍යාපනය අහිමිව දැඩි සමාජ පීඩනයට ලක්ව සිටි ගණේමුල්ල ප‍්‍රදේශයේ පාසල් සිසුවියට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මැදිහත්වීමෙන් නව ජාතික පාසලක් ලබාදීමට ඊයේ (18දා) කටයුතු කර තිබේ. සමාජ සවිබලගැන්වීම් හා සමාජ සුබසාධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා එම දැරිය අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යොමු කරවීමෙන් අනතුරුව අධ්‍යාපන ඇමතිවරයා මෙම පියවර ගෙන තිබේ.

ඒඩ්ස් රෝගය වැළඳී ඇති බව පවසමින් එම පාසල් සිසුවියට පාසල් බලධාරීන් විසින් පරිභව කර ඇති බවට ද පසුගිය දිනවල වාර්තා වී  තිබුණු අතර මෙම දැරියගේ භාරකරුට ද ඔහුගේ අධ්‍යාපන සුදසුකම් අනුව ගැළපෙන රැකියාවක් ලබාදීමට පියවර ගන්නා බව දැරිය හමුවූ අවස්ථාවේ අධ්‍යාපන ඇමතිවරයා මෙහදී ප්‍රකාශ කර ඇත. එමෙන්ම දරුවන්ට මෙවැනි අසාධාරණකම් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව කී අමාත්‍යවරයා ඇතැම් අධ්‍යාපන බලධාරීන් විසින් සිදුකරනු ලබන ක‍්‍රියා පිළිබඳව තමන් කණගාටුව පළ කරන බවද වැඩිදුරටත් පක්ෂ කර තිබේ.

පළාත් පාසල් අධ්‍යාපන බලධාරීන් විසින් පළාත් මට්ටමින් සිදුවන මෙවැනි සිදුවීම් කළමනාකරණය කිරීමට සක්‍රීයව මැදිහත් විය යුතු බවත්, ඒවා ජාතික තලයට ගෙන ඒමට කටයුතු නොකළ යුතු බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය. මෙවැනි සිදුවීම් හේතුවෙන් දරුවන් මුහුණ දෙන ගැටළුද විසඳීමට හැකි වන පරිදි ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක් පත්කරන බව කී අමාත්‍යවරයා දිවයිනේ සියලූ රජයේ පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් එම ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලය තුළින් නියාමනයට ලක් කිරීමට කටයුතු කරන බවද කියා සිටියේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu