gossiplanka alexa පෙම්වතා සහ මිතුරන් දෙදෙනා නිසා සමූහ දූෂණයට ලක් වූ පාසල් දැරිය මිය යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පෙම්වතා සහ මිතුරන් දෙදෙනා නිසා සමූහ දූෂණයට ලක් වූ පාසල් දැරිය මිය යයි



පෙම්වතා සහ මිතුරන් දෙදෙනා
නිසා සමූහ දූෂණයට ලක් වූ 
පාසල් දැරිය මිය යයි

මහත් ආන්දෝලනයක් ඇති කරමින් පසුගිය දිනක සමූහ දූෂණ සිද්ධියකින් පසුව වීරවිල ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් දැරියක් ගෙළවැළලාගෙන මියයන්නට උත්සාහ කරද්දී බේරාගෙන රෝහල්ගත කර ඇති අතර පසුව අද (14දා) ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇයගේ පෙම්වතා බව කියන තරුණයෙකු සහ  මිතුරන් දෙදෙනෙකු සමග ඇගේ නිවස ආසන්න ස්ථානයක මත්පැන් පානය කරමින් සිටියදී ඇයට හමුවන්නට එන්න කියා ඇත්තේ 9 වනදා රාත්‍රියේදී වන අතර ඇය ඔහු මුණගැසීමට ගිය අවස්ථාවේ ඔහු ඇයව මිතුරන් දෙදෙනාට හඳුන්වාදී පසුව තිදෙනාම එක්වී ඇයව දූෂණයට ලක් කර තිබේ.

පසුව ඇය සිද්ධිය පිළිබඳ කිසිවෙකුට නොකියා අපහසුවෙන් නිවාස වෙත ගොස් තිබෙනවා. ඉන් අනතුරුව සියදිවිනසාගන්නට තීරණය කර තිබෙන ඇය රහසින්ම සිද්ධිය සම්බන්ධයෙන් විස්තර කර ලිපියක් ලියා තබා පසුදා නිවස අසළ පිහිටි කොහොඹ ගසක එල්ලී ගෙලවැලලාගන්නට උත්සාහ කර තිබූ නමුත් සොයුරෙකු එය දැක වළක්වා ඇත. නමුත් සිද්ධියෙන් අසාධ්‍ය තත්වයක පසුවුනු නිසා ඇය හම්බන්තොට රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර අපහසුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී අද (14දා) ඇය මිය ගොස් ඇත.

ඇය පෙම්වතාව මුණ ගැසීමට ගිය බවත් එහිදී පෙම්වතාගේ මිතුරන් දෙදෙනෙකු පැමිණ තමාට හිරිහැර කළ බවත් සඳහන් කළ ලිපිය පොලීසියට ලැබුණ බව තහවුරු කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ පෙම්වතා බව කියන තරුණයෙකු සහ තවත් තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සිද්ධිය සැලවූ පසු අදාළ තරුණයින් යාල රක්ෂිතයේ සැඟව සිටි අතර ගම්වැසියන් ඔවුන් සොයාගෙන පහරදීම නිසා තුවාල ලැබූ බවත් වාර්තා විය.

තරුණයින් තිදෙනා අවුරුදු 18, 20 හා 23 වයසේ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ගම්වැසියන්ගේ පහරදීම් වලින් පසුව පොලිස් ආරක්ෂාවක් මැද ඔවුන් රෝහල් ගත කර ප්‍රතිකාර සිදුකර තිබෙනවා.

මුලදී මොවුන්ට දඩුවම් පැනවීමට,අත්අඩංගුවට ගැනීමට පොලිසිය මැළිකමක් දැක්වූ බව ගම්වැසියන් පවසා ඇති අතර කිරින්ද හා තිස්ස පොලිසි සාධාරණය ඉටු නොකරන නිසා වීරවිල පොලිසියට ඔවුන් භාරදුන් බවද වාර්තා වෙනවා.

මියගිය දැරිය ලියූ ලිපියේ මෙසේ සඳහන් විය.
'මම හිටියේ ඉස්කෝලෙ හොඳින් ඉගෙන ගෙන ශිෂ්‍ය නායිකාවක් වෙන්න මට ඒ හීනෙ නැතිවුණා. මම මගේ පවුලෙ ඔක්කොටමයි පවුලෙ නෑයින්ටයි ආදරෙයි. මට ගොඩක් දුකයි. මට පවුලෙ අයට ලැජ්ජා කරලා ජීවත්වෙන්න බෑ.'

 සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර හෙට දිනයේ මිය ගිය දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu