gossiplanka alexa මධුමාලිට බර ඉසිලීමේ කී‍්‍රඩාවට රට යන්න සල්ලි නොමැති නිසා හිස් බෝතල් එක්රැස් කර අලෙවි කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මධුමාලිට බර ඉසිලීමේ කී‍්‍රඩාවට රට යන්න සල්ලි නොමැති නිසා හිස් බෝතල් එක්රැස් කර අලෙවි කරයි





මධුමාලිට බර ඉසිලීමේ කී‍්‍රඩාවට රට යන්න සල්ලි නොමැති නිසා
හිස් බෝතල් එක්රැස් කර අලෙවි කරයි

ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර බර ඉසිලීමේ තරග කිහිපයකට සූදානම් වන අයි.පී. ලක්ෂිකා මධුමාලි නැමති ක‍්‍රීඩිකාවට එම තරගවලට සහභාගිවීමට මුදල් සොයාගැනීමේ අරමුණින් හිස් බෝතල් එක්රැස් කර අලෙවිකරන පුවතක් වැලි කන්ද සෙවනපිටිය ප‍්‍රදේශයෙන් වාර්තා වේ. ඇය මෙතෙක් සහභාගී වූ බර ඉසිලීමේ තරගවලදී අඛණ්ඩව
ජය හිමිකරගෙන ඇත්තේ කායවර්ධන උපකරණ කට්ටලයක් උපයෝගී කරගනිමින් පුහුණුවීමෙනි.
ජාතික පාසල් බර ඉසිලීමේ තරගාවලිවලදී ඇය අඛණ්ඩව වසර 3 ක් රන් පදක්කම් හිමිකරගෙන තිබේ. මැලේසියාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් බර ඉසිලීමේ තරගයකදී ද ඇය ලෝකඩ පදක්කමක් හිමිකරගත්තා ය.

ආර්ථික අපහසුතා හේතුවෙන් ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර තරග කිහිපයකට සහභාගී වීම අපහසු බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කළ සෙවනපිටිය යෞවන සමාජයේ සාමාජික සාමාජිකාවන් එක්වී පසුගිය ඉරිදා නගරයේ ඉවත දමා තිබු බෝතල් 5000ක් පමණ එක්රැස් කර අලෙවි කර එම මුදල් මෙම ක‍්‍රීඩිකාවට ලබාදී තිබිණ.
ඩෙංගු මර්දන ව්‍යපෘතියට සමගාමීව මෙය කි‍්‍රයාවට නංවා ඇති අතර ඉදිරියේදීත් අවශ්‍ය මුදල් සොයා ගැනීම වෙනුවෙන් මෙලෙස කටයුතු කිරීමට යෞවන සමාජය එකඟ වී තිබේ.
2020 ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල නියෝජනය කිරීම තම මුලික අපේක්ෂාව බව ලක්ෂිකා මධුමාලි පැවැසුවා ය.

කේතක යතීන්ද්‍ර බස්නායක
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu